Tuesday, October 31, 2017

නව නීතියට අනුව බාලවයස්කාර දරුවන්ට බලපත්‍රය පිලිබද නීති.


පසුගිය දිනයන්හී මා හට හොදින් අධ්‍යනය කිරීමටත් පිලිතුරැ සොයා විසදීමටත් සිදුවූ නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ලාංකිකයන් දැනුවත් කරීම නීතිවේදීනියක් ලෙස මගේ වගකීමක් යැයි සිතුනේ මාද ඉතාලියේ රෝම නගරයේදී කුඩා දැරියක් ලෙස දෙමාපියන් සමග රැදී සිටීම හේතුවෙන්.
ඉතාලියේ ජීවත්වන විදේශිකයන්ගේ බාලවයස්කාර (වයස 18 අඩු) දරැවන් හට දෙමාපියන්ට සමගාමීව ඔවුන් යටතේ ලබා දුන් රැදී සිටීමේ බලපත්‍රය පිලිබද නීති සංශෝධනය වීම පිලිබදව නොදැනුවත්කම හේතුවෙන් නිවාඩුව ගතකිරීමට මව සමග ලංකාවට ගිය ඉතාලියේ ඉපදී අධ්‍යාපනය ලබමින් හැදුන වැඩුන වයස අවුරැදු 13ක් වු දැරියකට එම නීති සංශෝධනය යටතේ නැවත ඉතාලියට පැමිනීම වලක්වනු ලැබුවා.
නීතිය දිනෙන් දින වෙනස් වන බව, සංශෝධනය වන බව, අප කවුරැත් දන්නා කාරණයක්.
නමුත් මෙම වෙනස් කිරීම් හෝ සංශෝධනයන් පිලිබදව දැනුවත් වී ඒවාට හැඩගැහෙමින් කටයුතු කිරීම සැමගේ වගකීමක්. එවිට මුහුන පෑමට සිදුවන අපහසුතාවයන් අවම කරගැනීමට හැකි වනවා. බොහෝ අවස්තාවන්හීදී නීතිඥවරයකු මාර්ගයෙන් නඩු පවරා මෙවැනි තත්වයන් හට විසදුමක් ලබා ගත හැකිවූවත්, එවැනි විසදුමක් ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනවා වගේම මෙවැනි නඩු සදහා නඩුගාස්තු ඉතාම ඉහල විය හැකියි.
බාල වයස්කාර දුවා දරැවන්ගේ ඉතාලියේ රැදී සිටීමේ බලපත්ර නීතිය සංශෝධනය දැන සිටීම මේ නිසා ඉතාම වැදගත්.
මෙම හේතූන් නිසා මාගේ ලිපිය කියවා ඔබේ හිතවතුන්ද දැනුවත් මෙන් ඉල්ලා සිටිනවා.
2016 වර්ෂයේ ජූලි 07 වන දින අංක 122 නීතියට අනුව ඉතාලියේ වෙසෙන සියලුම විදේශීක බාලවයස්කාර දරුවන් සඳහා ඉතාලියේ රැදී සිටීමේ තනි (permesso di soggiorno individuale per i minori) අවසර පත්‍රයක් නිකුත් කිරීම⁣ට තීරණය වුනා.
බාලවයස්කාර දරැවන් හට දෙමවුපියන්ගේ (permesso di soggiorno) අවසර පත්‍රය යටතේ ලබාදුන් බලපත්‍රයට සමගාමීව බලපත්‍රයක් ලබාදීම මින්පසු සිදුවන්නේ නෑ.
නව නීතියට අනුව බාලවයස්කාර දරුවන් හට තැපැල් ගාස්තුව €30,46 ක්ද මුද්දර ගාස්තුව යුරෝ €16,00ක්ද වනවා.
(Legge 122 del 07 luglio 2016 articolo 10 - Allegato minori)
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735න්

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...