Friday, October 20, 2017

1987-89 ඛේදවාචකය නව මුහුණුවරකින් යලිත්



1987-89 භීෂණය කොතරම් දරුණු වී දැයි දන්නේ එකල ජීවත් වුවන් පමණි .එය අවසන් වුයේ තරුණ තරුණියන් පමණක් නොව මැදිවියේ මිනිසුන්ද 50000 ක් දෙපාර්ශවය විසින්ම පරලොව යැවීමෙන්ය
එය 1987 ඇරඹුණේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ය. සරසවි සිසුන් අතර සිටි ජවිපෙ සිසුන් වීශ්ව විද්යාල තුල ගෙන ගිය පන්ති වර්ජන සහ විරෝධතා නිසා සරසවි නිරන්තරයෙන්ම වසා දැමීමට සිදුවිය 1987 සිට 1990 දක්වා වූ මාස 36 තුල මාස දෙක තුනකට වඩා සරසවි විවුර්ත කර තිබුනේ නැත . මේ නිසා උසස් පෙළ සමත්ව සරසවි වලට තෝරා ගැනුනු සිසුන්ට සරසවියට ඇතුළු වීමට හැකිවුයේ අවුරුදු හතරක් පහක් පමණ නිවෙස්වල නිකරුනේ කාලය ගත කිරීමෙන් පසුවය .

දැන් සිදුවෙමින් තිබෙන්නේද එයය. සයිටම් ප්‍රශ්නය මත .වෛද්‍ය පීඨ සිසුන් අන්තරයේ බලපෑම නිසා මාස 8 ක කාලයක සිට පන්ති වර්ජනයක නිරතව සිටි.අන්තරය සහ වෛද්‍ය සංගමය මස් රාත්තලම ඉල්ලන බැවින් සයිටම් ප්‍රශ්නය විසඳුමකින් තොරව ඉදිරියට යමින් තිබේ. මේ නිසා මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරෙන් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබන සිසුන්ට අධ්‍යාපන කටයුතු ඇරඹීමට 2019 වෙනතුරු බලා සිටීමට සිදුවනු ඇත. ඒ සයිටම් ප්‍රශ්නය අන්තරයට සහ දොස්තර සංගමයට උවමනා පරිදි විසඳුනහොත් පමණය. එසේ නොවුන හොත් 2019 දීද ඔවුන්ට සරසවියේ පස් පාගන්නට ලැබෙන්නේ නැත .

ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ මෙහෙයවූ අන්තරය විසින් 1988 වසරේදී පාසල් සිසුන්ද උසිගැන්වුහ මේ නිසා පාසැල් තුලද , පාසල් වලින් පිටතදීද පාසල් සිසුන් පෙළපාලි ගියහ. අවසානයේදී පාසල් වසා දැමීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට නොතිබුණි .ඇතැම් සිසුන් ගල්කටස් ගෙන ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට පටන් ගත්හ .

ආණ්ඩුවේ භීෂණය ජවිපෙ භීෂණය මෙන් දස ගුණයකින් දරුණු විය .සරසවි සිසුන් සහ පාසල් සිසුන් විශාල පිරිසක් හමුදාවේද පොලිසියේද ආණ්ඩුවේ රහසිගත කල්ලිවලද තුවක්කු වලට ගොදුරුව මියගියහ .ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යායාලයේ සිසුන් 31 දෙනෙකු එක විට ඝාතනය කරනු ලැබිණ

අද නැවතත් ඇරඹි තිබෙන්නේ 87 -88 ඛේදවාචයේ ඇතැම් පෙර ලකුණුය . විශ්ව විද්යාල සහ පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය දියත් වී තිබේ. මෙය සිසු ජීවිත තුවක්කුවලට බිලි දී හෝ තමදේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ නින්දිත වෑයමකි. එය සිසුන් දුසිම් ගණනකගේ ජීවිත උදුරා ගන්නා ඛේදවාචයක් දක්වා ගමන් කල හැකිය . එබැවින් එය වලක්වා ගත යුතුය.

ඒ සඳහා ගුරුවරුන්ද දෙමාපියන්ද සක්‍රියව මැදිහත්විය යුතු කාලය එළඹී තිබේ.

Bertie Ranaweerage......මුහුණු පොතින්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...