Friday, October 20, 2017

කාබනික පොහොරෙන් ගොවිතැන ජයගත් සුපිරි ගොවියෙක්



කාබනික වගාවෙන් ගොවිතැන ජයගත් සුපිරි ගොවියෙක් ගලේවෙල දේවහුව බුලනවැව ප්‍රදේශයේ සිටි . ඔහු නමින් එම් .එස් .එම් .සෙයිනුල් ලහබ්දින් වනවා.
ගලේවෙල දේවහුව පංගල ප්‍රදේශයේ අක්කර තුන හමාරක විශාල භූමියක ආදර්ශ වගාවක් මේ ගොවි මහතා ආරම්භ කොට එහි මංගල පලදැරිම මේ දිනවල සිදුවනවා.
ප්‍රදේශයේ බොහෝ දෙනකු මේ ආදර්ශ ගොවි මහතා ගැන කතාබහට ලක්ව ඇත
මේ ආදර්ශ ගොවි පල ගැන කියන කථාව.
කාබනික පොහොර ව්‍යයාපෘතියක් ලෙස මේ ස්ථානය ආරම්භ කොට පසුව එම ක්‍රියාවලිය සිදුවෙද්දී ආදර්ශ වගාවන් ආරම්භ කිරීමට ලහබ්දින් මහතා යොවු තිබෙනවා.
ඒ අනුව පොල් ,කෙසෙල් .අබ ,දෙහි ,දොඩම් ,උගුරැස්ස ,මුරුංගා ,පේර ,දෙළුම් ,ජම්බු ,තිබ්බටු ,කොච්චි මිරිස් ආදී කෙනෙකු නොසිතන වගාවන් මෙම ගොවි මහතා වගාකර කරනු ලැබ තිබෙනවා.
මේ සියලු වගාවන් සදහා තමන් විසින්ම නිෂ්පාදනය කරගන්නා කාබනික පොහොර පමණක් යෙදීම මේ වගාවේ විශේෂත්වයක් . සෑම ගසක් යටම ඉතා අලංකාරව ජලය රදා පවතින ලෙස බිම සැකසිම දක්නට පිළිවන්. වසර හයක සිය උත්සාහයේ ප්‍රතිපලය ලෙස මේ ගොවි මහතාගේ අක්කර තුන හමාරක විශාල භූමියක ආදර්ශ වගාව පල දැරීම මේ දිනවල සිදුවෙන බවත් දැන් ඔහුට ඉදිරි කාලයේ විශාල ආදායමක් අතට ලැබෙන බවයි ඔහු පවසන්නේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...