Thursday, October 26, 2017

ඉතාලියේ තාවකාලිකව හෝ දිගුකාලිනව රැදී සිටීමේ බලපත්‍රය අයදුම් කිරීම.




ඉතාලියේ තාවකාලිකව හෝ දිගුකාලිනව රැදී සිටීමේ බලපත්‍රය වන permesso හෝ carta di soggiorno අයදුම් කිරීමෙන්⁣, aggiornamento, duplicato, හෝ කල් ඉකුත් වීම නිසා අලුත් කිරීමට භාර දීමත් සමග කාලයක් ගතවුනත් කිසිදූ පිළිතුරක් නොපැමිණෙන්නේ නම් කුමක් කල හැකිද?
(permesso di soggiorno) හෙවත් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය කල් ඉකුත්වීමට දින 30 කට පෙර අලුත් කිරීම සදහා භාර දීම ඉතාමත් වැදගත්.
D.L.vo. 25 luglio 1998, nr. 286 (TUI 5, comma 9) නීතියට අනුව තාවකාලිකව හෝ දිගුකාලිනව ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය වන (permesso හෝ carta di soggiorno) නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ අලුත් කිරීම දින 20 තුල සිදු කල යුතු නමුත්, මෙය සිදුවන්නේ කලාතුරකින්.
දවස් 60ක් ගතවීමත් සමග කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති නම් අදාල පරිපාලන ආයතනය වන Questura වෙත හැකි නම්, නීතිඥයකු මාර්ගයෙන්, වහාම (Raccomandata/pec mail) මගින් නීතිමය කරැනු පැහැදිලි කර ලිපියක් යවා ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න යැයි ඉල්ලීම් කල හැකියි.
මෙම ලිපිය Diffida ලිපියක් වීම සහ සියලුම නීතිමය කරැනු මෙම ලිපියේ අඩංගු වීම තුලින් අදාල ආයතනයට මෙමගින් බල කිරීමේ හැකියාවක් නීතිමය වශයෙන් ලැබෙනවා.
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න...
+39 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...