Wednesday, October 18, 2017

ඉතාලි සංචාරක වීසා බලපත්‍රයක් සහිත ලාංකික පුද්ගලයකුට



ඉතාලි සංචාරක වීසා බලපත්‍රයක් සහිත ලාංකික පුද්ගලයකුට (පිරිමි හෝ ගැහැණු) සහ ඉතාලියේ වෙසෙන (permesso di soggiorno) හිමි ලාංකික පුරවැසියෙකුට (පිරිමි හෝ ගැහැණු) විවාහ විය හැකිද? විවාහයෙන් පසුව සංචාරක වීසා බලපත්‍රය පවුලේ හේතු මත (permesso di soggiorno per motivi familiari) බලපත්‍රයක් බවට පත් කිරීමට හැකියාවක් තිබේද?
පිලිතුර:............
ලාංකික පුරවැසියාට (පිරිමි හෝ ගැහැණු ) රැකියා හේතු මත permesso di soggiorno බලපත්‍රයක් තිබේ නම්
මෙම විවාහය නිසැකවම ඉතාලියේ සැමරිය හැකියි. එමෙන්ම විවාහයයෙන් පසුව වලංගු ඉතාලි සංචාරක වීසා බලපත්‍රය පවුල් හේතු මත permesso di soggiorno per motivi familiari බලපත්‍රයක් බවට පරිවර්තනය කල හැක(30 වැනි වගන්තිය, 1 වන ඡේදය, c)). නමුත් මෙය සදහා ඉතාලියේ රැකියාවේ නිරතවන ලාංකිකයා හට අවම වශයෙන් වසරක permesso di soggiorno බලපත්‍රයක්ද, ප්‍රමානවත් ආදායමක් සහ නවාතැන් පහසුකම් තිබිය යුතුය.
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න... 
ITAL LANKA:
+39 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...