Thursday, October 19, 2017

තාත්තා හිරේ දැම්මෙ නැත්තම් තමා ඔළුව හැරුණු අතේ යන බව දැරිය පොලීසියට කියලා




දිනපතා මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටන තම පියාට එරෙහිව බාල වයස්කාර දැරියක් විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.
දීගු කාලයක් තිස්සේ මත්කුඩු පානයට ඇබ්බැහිවී සිටින එම දැරියගේ පියා දිනපතාම තමනට සහ මවට කරදර කරන බව දැරිය පොලීසියට වැඩිදුරටත් කියා තිබෙනවා. තමන්ට එල්ලවන වද හිංසා විඳදරාගත නොහැකිම තැන දියණියගේ මවද මේ පිළිබඳ පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
පසුව කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශය අදාල කාන්තාවගේ සහ දැරියගේ ප්‍රකාශ සටහන් කරගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
පොලිස් ස්ථානයට පැමිණි 12 හැවිරිදි මෙම දැරිය පොලිස් නිළධාරීන්ට ප්‍රකාශ කර තිබුනේ තමන්ට හා මවට පහර දී විවිධ වධ හිංසා වලට ලක් කරන තම පියා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙසයි.
සිය පියා සෑම දිනකම මත්කුඩු පානය කර නිවෙසට පැමිණ තම මවට පහර දේද්දී ඇය බේරා ගැනීමට තමන්ට සිදුවන බවත්, එහිදී උඹ මගේ එකෙක් නොවෙයි යනුවෙන් පවසා තමන්ට බැණ වදින බවත් ඇය පවසා තිබෙනවා.
එසේම තමන්ට හා මවට මෙවැනි හිරිහැර කරන නිසා තම පියා හිරේ දැමුවේ නැත්නම් නිවෙස අතහැරදා හිස හැරුණු අතේ යන බවද ඇය හඬමින් පොලිසියට කියා පවසා තිබෙනවා.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...