Thursday, October 19, 2017

ෆේස්බුක් පිටු සමාජ රැල්ල තීරණය කරන ප්‍රබල සාධකයක්




මුලින්ම ගොඩක් අය Facebook ආවේ ෆොටෝ අප්ලෝඩ් කරලා අපි කරන කියන දේවල් යාලුවන්ට පෙන්වන්න.හිතුවටත් වඩා ඉක්මනට ප්‍රබල මාධ්‍යක් විදියට සමාජ ජාල ඉදිරියට පැමිණීමත් එක්ක ෆේස්බුක් සෙල්ෆි අප්ලෝඩ් කරන එකට වඩා ගොඩක් දේවල් අරගෙන ආවා.කාලෙකට කලින් රටේ දේශපාලනික තීන්දු තීරණ ගන්නත් ප්‍රබල බලපෑමක් කලේ ෆේස්බුක් වගේ සමාජ ජාල..
ෆේස්බුක් පිටු බොහොමයක් ඒ කටයුත්ත පිටිපසු හිටි බව හැමෝම දන්න දෙයක්.කොටින්ම කාලයත් එක්ක ෆේස්බුක් පිටු සමාජ රැල්ල තීරණය කරන ප්‍රබල සාධකයක් බවට පත්වුණා.නමුත්
ෆේස්බුක් සමාගම හඳුන්වාදුන් නවතම අප්ඩේට් එකට අනුව
ෆේස්බුක් පිටු පළකරන පොස්ට් දැන් ඔබේ දුරකථනකට පරිගණකයට සාමාන්‍ය ආකාරයට දකින්න ලැබෙන්නේ නෑ.
නැත්තම් ෆේස්බුක් ව්‍යාපාර ආයතනයට මුදල් ගෙවා යොදන පෝස්ට් පමණයි ඔබට දකින්න ලැබෙන්නේ..ඊට අමතරව මිතුරන්ගේ සුපුරුදු සෙල්ෆි ඡායාරූපත් ඔබට පෙරටත් වඩා වැඩියෙන් දකින්න පුලුවන්.
ගුණාත්මකභාවය වෙනුවෙන් මෙහෙම දෙයක් කලත් ෆේස්බුක් පිටු වල දකින්නට තියෙන පෝස්ට් නොදැක ඔබට ඉන්න බැරි වේවි..දවසක් දෙකක් යනකොට හිනායන වීඩියෝවක්වත් වොල් එකේ නැති වුණාම ඔබට යන්න වෙනවා මෙන්න මේ “Explore” feed එකට..
ෆේස්බුක් එකේ තියෙන ජනප්‍රිය දේවල් ඒ සමග තියේවි.ට්‍රෙන්ඩ් වෙන පොස්ට්,වීඩියෝස් එහෙම. Bro - බ්රෝ | අහවල් Fun / ahawal fun | Address නෑ | ෆේස්බූක් අම්බලම (Ambalama)| මහත්තයා Mahaththaya | Kassa | Web බුවා | Phone හොරා Return ඇතුළු ශ්‍රි ලංකාවේ ෆේස්බුක් විප්ලවයේ වෙනසක් කරපු පිටු වල පෝස්ට් නොදැක ඔබට ඉන්න බැරිවෙයි..
-පිරිවැයෙන් තොර කිසිවක් ලොව නැත- කියන ආර්ථික විද්‍යා කියමනට අනුව Business Facebook කියන්නෙත් ප්‍රබල ව්‍යාපාරයක්. පිරිවැයකින් තොරව ඔබව පිනවන්නට ඔවුන් දැන් කැමති නෑ..ඒ නිසා ෆේස්බුක් පිටු වලට සිද්ධවෙනවා පොස්ට් බූස්ට් කරන්න.පිරිවැයක් යොදලා ඔබ පිනවන්න.
හෙට ඉඳන් ඔබ වැඩියෙන්ම සැරිසරන්නේ “Explore” feed එකේ බවත් කියන්නම ඕන.
තනිවෙන්න ඕන නම් වොල් එකේ පහලට යන්න.
සැනසෙන්න ඕන නම්“Explore” feed බලන්න.
උපුටා ගැනීම....ඉෂාර නානායක්කාර.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...