Wednesday, October 18, 2017

ලාංකිකයන්ට ඉතාලියෙන් පිටත කොපමණ කාලයක් රැඳී සිටිය හැකිද ?

ඉතාලියේ Carta di soggiorno (indeterminato-illimitato) හෙවත් දිගුකාලීනව රැදී සිටීමේ බලපත්‍රය ඇති අය ලංකාවෙ පදිංචියට ගියාම එය අහිමි වනවාද? අවුරැදු 2 මාස 6ක් ඉන්න පුලුවන් කියන්නෙ ඇත්තද? කොපමන කාලයක් ලංකාවෙ ඉන්න පුලුවන්ද? ගොඩක් අයව හරවලා යවනවා, ඒත් ගොඩක් අය අපූරැවට එනවා. ගුවන් තොටුපලෙන් අපිට එන්න දෙයිද? හරවලා යැවුවොත් Re-entry Visa දෙයිද? බොහෝ දෙනා ඉවරයක් නැතුව දිගින් දිගටම Ital lanka කාර්යාලය වෙත මෙවැනි ප්‍රශ්න යොමු කරනවා.
සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් නීතියත් සමග සංසන්දනය කරන විට ව්‍යාකූල තත්වයක් දක්නට ලැබෙනවා.
මේ කරැණු, වංචාවන් සහ නොයෙකුත් තොරතුරැ මධ්‍යයට වාර්තා කරන්නන් හ⁣ට භාර කරමින්,
මෙම තත්වය පිලිබඳව දැනුවත් කිරීම සදහා නීතිමය කරැනු කිහිපයක් පමණක් කෙටියෙන් ඔබ වෙතට ගෙන හැර දක්වන්නම්.
ඉතාලියේ වත්මන් නීතියට අනුව, යුරෝපයේ දිගු කාලීන පදිංචිකරුවන් සඳහා ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය වන Permesso di soggiorno UE per soggiornanti di lungo periodo (carta di soggiorno) හිමියන්ට උපරිම වශයෙන් ඉතාලියෙන් සහ යුරෝපයෙන් බැහැරව මාස 12කට අඩු කාල සීමාවක් පමනයි සිටිය හැක්කේ.
TUI art 9 comma 7 lettera d මෙම වගන්තියට අනුව පැහැදිලිවම ඉතාලියෙන් පිට වී මාස 12ක් සම්පූර්ණ වීම යනු එම පුද්ගලයා ඉතාලියේ පදිංචි කරැවකු නොවන බව සනාත වීමක්.
3/4/2015 දින - ඉතාලි - පරිපාලන අධිකරණය - TAR විසින් ලබා දුන් තීණ්දුවකට අනුවත් මෙය තවත් තහවුරැ වුනා.
දිගු කාලීනව පදිංචිකරුවන් සඳහා ලබා දෙන (Carta di soggiorno) හිමි අයෙකුගේ බලපත්‍රය Questura පරිපාලන ආයතනයට ආපසු ගැනීම සහ අවලංගු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය Questura තීරණය සනාත කර සිටියා. මෙයට හේතුව වූයේ එම පුද්ගලයා වසර 5ක් සැපිරීමත් සමග චායාරෑප අලුත් කිරීමේදි ඔහුගේ නීත්යානුකූල විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් පසුව මාස 22 ක පමණ කාල පරිච්ඡේදයක් සඳහා ඉතාලියෙන් පිටවී සිටීම ඔප්පු වීමයි. Tar Umbria, sez III, sent, n. 401 del 14 aprile 2015.
මෙයට අනුව රැකියාවෙහි නිරත වෙමින්, රජයෙන් ලබා දෙන දීමනාවන්, සේවයන් ලබා ගනිමින්, තනිවම හෝ පවුල් වශයෙන්ද, අධ්‍යාපනය ලබමින්ද, ඉතාලියේ ජීවත් වීම සදහා ලබා දෙන දිගුකාලින රැදී සිටීමේ බලපත්රය (Carta di soggiorno), ඉතාලියේ ජීවත් වීම යන කාරනාව මුල් කරගනයි ලබා දෙන්නේ.
ඉතාලියෙන් බැහැරව තවත් යුරෝපීය රටක (France, Germen ect) ජීවත් වන්නන් හටද වසර හයකට පසු මෙම Carta di soggiorno බලපත්‍රය අහිමි වේ.
තවත් යුරෝපා සංගම් සාමාජික රටක යුරෝපා දීර්ඝ කාලීන පදිංචිකරුවන් සඳහා නිකුත් කරන (Carta di soggiorno) බලපත්‍රයක් ලැබීමත් සමගද ඉතාලි බලපත්‍රය අවලංගු වේ.......
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
වැඩි විස්තර සදහා අමතන්න...
+39 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...