Wednesday, October 25, 2017

ශ්‍රී ලාංකිකයින්ට පාඩම් කියාදෙන ඔස්ට්‍රියානු ඉංජිනේරුවා





ඔස්ට්‍රියා සිට මෙරටට පැමිණ බුදු දහම පිළිබදව සිත් පහදාගෙන අවුකන රජමහා විහාරයේ නවාතැන් ගනිමින් අවුකන ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු විහාර භූමිය ශුද්ධ පවිත්‍ර කරමින් භාවනායෝගීව දිවිගෙවන ඔස්ට්‍රියානු ජාතික කාර්මික ඉංජිනේරුවරයෙකු පිළිබදව අනුරාධපුර විජිතපුර අවුකන විහාරස්ථානයෙන් වාර්තාවේ.

1966 ජූලි 11 ඔස්ට්‍රියාටේ උපත ලැබූ ජොෂප් ප්ට්සර් සිය පවුලේ සාමාජිකයන් සමඟ 1988 දී (ඔහුට අවුරුදු 29 දී) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ලංකාවේ ඇති ලෝක උරුමයන් ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමෙන් පසුව ගලින් නෙළන ලද සුවිශේෂී නිර්මාණයක් වූ අවුකන පිළිමවහන්සේ කෙරෙහි සිතේ දැඩි භක්තියක් ඇතිව තිබේ.

ඉන් පසු වරින්වර බිරිඳ හා දරුවන් සමඟ කීපවතාවක් මෙරට සංචාරයේ යෙදී ඇති ජෝෂප් මහතා ඒ සෑම අවස්ථාවකදීම අවුකන විහාරයට පැමිණ වැඳපුදා ගෙන විහාරස්ථාන නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගැනීම ජීවිතයේ අනිවාර්යය අංගයක් කරගෙන තිබෙන බව වාර්ථා විය.
බිරිඳ සමඟ පසුගිය 2016 වසරේ දෙසැම්බර් මස පැමිණ නැවත එරටට ගොස් ඉන් අනතුරුව 2017 අගෝස්තු මස ඔහු පමණක් ලංකාවට පැමිණ අවුකන රජමහ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ අවසර ඇතිව එහි නවාතැන් ගෙන දිනපතා මුළු විහාරස්ථානයම ශුද්ධ පවිත්‍ර කරමින් කාලය ගතකරයි.
පාන්දරින් අවදි වන ඉංජිනේරුවරයා දින චරියාවට අනුව අළුයම 06.00 සිට උදෑසන 10.00 දක්වාත් සවස 2.00 සිට රාත්‍රී කාලය දක්වාත් අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටට වී භාවනා කිරීම පුරුද්දක් කරගෙන තිබේ. මේ පිළිබඳව අප ජෝෂප් ප්‍රිට්සර් මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

#ජොෂප් ප්ට්සර් මහතාගේ ඉංග්‍රීසි කථාවේ පරිවර්ථනය මෙසේය

මාගේ වයස අවුරුද 51 යි. මා ඉපදුනේ ඔස්ට්‍රියිවේ. එය යුරෝපීය රටක්. මා මුලින්ම පවුලේ උදවිය සමඟ ලංකාවට පැමිණි අවස්ථාවේදී අවුකන පිළිමය දැකීමෙන් අනතුරුව ආධ්‍යාත්මික සිතක් පහළ වුණා. එතැන් සිට මා වරින් වර ලංකාවට පැමිණ එම පිළිම වහන්සේ වැඳපුදා ගන්නවා. ඒ අතරතුරදී මා දුටු එක් දසුනක් තමයි පිළිම වහන්සේ දැකබලා ගැනීමට පැමිණෙන පාසල් ළමුන් හා වැඩිහිටි බැතිමතුන් විහාරස්ථාන භූමිය පොලිතින්, ප්ලාස්ටික් වැනි දේ බැහැර කර අපවිත්‍රකර යාම. ශ්‍රී ලංකාව සුන්දර රටක්. කාළගුණයේ අයහපත් බලපෑම් අවම රටක්. ලෝක උරුමයන් තිබෙන රටක්. ආගන්තුක සත්කාර වලින් ඉහළ රටක්. එවැනි රටක ඉපදී මේ උරුමයන් රැකගැනීමට කැපවන්න කියා මා ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. මෙවර ලංකාවට පැමිණ අවුකන විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගෙන් අවසර ලබාගත්තා භාවනාවේ යෙදීමට. ඒ අතරතුරේදී විහාරස්ථාන භූමියේ දෛනිකව ගොඩගැසෙන කුණු කසල ඉවත් කිරිම මා විසින් සිදුකරනවා. එම කාර්යයත් එක්තරා භාවනාවක් හැටියටයි මා දකින්නේ. එය ඉතා අර්ථවත් ක්‍රීයාවක්. මේ පිළිමය අපි සියළු දෙනාගේම වස්තුවක්. මේ වසර අවසානයේදී මා මාගේ රටට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා.ඒත් ජීවිත කාලය පුරා අවස්ථාවක් ලැබෙන සෑම විටකදීම අවුකන විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කර ශුද්ධ පවිත්‍ර කටයුතු කිරිමට මා කැපවී සිටිනවා යනුවෙන් ඔහු පැවසුවේය.



1 comment:

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...