ගුවන් යානයකින් ගමන් කරන ඔබ දැන ගත යුතු දේ රටේ නමත් රැක ගෙන අන් අයට කරදරයක් නොවෙන්න මෙසේ හැසිරෙන්න පළමුව ඔබ ගමන් කරන ගුවන් සමාගමේ කවුන්ටරයට ගොස් තමන්ගේ ගුවන් ටිකට් පත හා ගමන් බලපත්‍රය එම නිලධාරිනට ලබාදී බෝඩින් පාස් (Boarding Pass ) එක ලබා ගන්න එසේම ඔබ විසින් භාර දෙන ගමන් මලු සදහා ලබා දෙන ටැග් (luggage tag) පත් කෙරේද සැලකිලිමත් වන්න මන්ද යත් ඔබගේ ගමන් මලු නැති වීමක් හෝ ඔබ යන ගුවන් යානයේම නොපැමිණ හොත් එවා සොයා ගැනීමට හෝ වන්දි ලබා ගැනීමට එම ටැග් පත් අවශ්‍ය බැවිණි ඔබ කල යුත්තේ ඔබගේ බෝඩින් පාස් පත් හොදින් අද්‍යනය කිරීමයි එහි ඔබගේ අසුනේ අංකය හා අකුරද ඔබ ගමන් කල යුතු ගේට්ටු අංකය ද පැහැදිලිව සදහන් කර ඇත එසේම එහි සෝන් අංකය ද ( zone no) සදහන්ය මේ ගැනද ඔබ හොදින් වටහා ගත යුතුය මන්ද කාර්ය මණ්ඩලය ඔබට දැනුම් දෙන ආකාරයට ගුවන් යානය තුලට ඇතුල් වීමට යා යුතුය නැතුව ගාල කඩා ගත් හරකුන් ලෙස එකි නෙකා පෙරලා ගෙන යාමට අවශ්‍ය නැත ඔබට වාඩි වීමට සලසා ඇති අසන වල සන්සුන්ව වාඩි වී සිටින්න දැනුම් දීමකට මයික්රෝපෝනය ගුවන් සේවිකාවක් ඇල්ලු පමණින් පෙරලාගෙන ඇ දෙසට නොදුවන්න බොහෝ අවස්ථාවල පළමුව කුඩා දරුවන් සමග ගම කරන අයත් අභාදිත හෝ රෝගීව ගමන් කරන මගින්ව මුලින් කැදවනු ලබනු ඇත ඔබ කල යුත්තේ ඉවසීමෙන් සිටීමයි පසුව බෝඩින් පාස් හි සදහන් සෝන් අංකය අනුව මගින් කැදවනු ලැබේ ඔබගේ බෝඩින් පාස්හි සදහන් අංකය අනුව ඉදිරියට කතා කල විට යන්න අනවශ්‍ය තද බදයක් එවිට ඇති නොවුණු ඇත රටේ නමත් රැකි අන් අයට ඔබ ගෙන් කරදරයක් නොවෙනු ඇත.
ලෙස්ලි හර්බට් විජේසිංහ
No comments:
Post a Comment