Saturday, October 21, 2017

ඒ සිරිසේනම ද ? මේ සිරිසේන===

 රජවරු බිහිකරන මේ නරුම අසීමිත බලයක් ඇති විධායක ජනාධිපති ක්‍රමය මුලුමනින්ම ඉවත් කොට ඒ බලය පාර්ලිමේන්තුවට ලබා දීමට මා කටයුතු කරමි


ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ විධායක ජනාධිපති ලෙස 2015 ජනවාරි 08 වනදින 62 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා තේරීපත්වු බව මුළු රටම දනී.

මේවනවිට ගමේ ගොඩේ කඩමංඩියේ කතාවෙන්නේ….ඔය අර යහපාලනයක් පිටොනව අපි ඡන්දේ දිපු මෛත්‍රිපාල ජනාධිපතිමද ….ඈ බන්..මෙහෙම අහන්නේ රටේ මිනිස්සුයි.
මෙකද ඇත්තටම් මිනිස්සු අහන් කතාවෙත් ඇත්තක් තියෙනවානේ. නෙක තමා ජන වින්ඥාණය කියන්නේ. මොකද සිරිසේන ජනාධිපති ” වගේම තවත් ඩුබ්ලිකේට් “සිරිසේන” කෙනෙක් ගෙනාවාය ඒ මහින්දගේ යටින් යන් ගේ මකටය. එහෙම සිරිසේන කෙනෙක් මහින්ද ඇත්තටම් ගෙනාවේ මිනිස්සුන්ට සිරිසේන ගැන අනාගතේ ඉගියක් දීමටදැයි ඒවෙලා වේනම් කාටවත් නොහිතෙන්න ඇති.
ඒත් අද වන විට මිනිස්සුන්ට තේරුම් යන්න පට්න් අරන් තියෙනවා මහින්ද එදා ගෙනාව සිරිසේන්ත් ,යහපාලනයේ ඒ වනවිට ඡන්දයට ඉදිරිපත්ව හිටපු සිරිසේනත් දෙන්නම මෙහෙයවන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ යම බව. මේ බව මේ වන විට ඉතා හොදින් පැහැදිලිය.
යහපාලන්යෙන් බිහිවු සිරිසේන ජනාධිපතිවරයා නම් දහාතේ දිවුරා කිවේ රජවරු බිහිකරන මේ නරුම අසීමිත බලයක් ඇති විධායක ජනාධිපති ක්‍රමය මුලුමනින්ම ඉවත් කොට ඒ බලය පාර්ලිමේන්තුවට ලබා දීමට මා කටයුතු කරමි…. කියාය. ඒ යහපාලනයක් ගොඩ නැගීමට බලයට එනවා යැයි කී ජනාධිපති ගේ කතාවයි.

“මම කාගෙවත් පක්ෂයක ,ජනාධිපති නොවේ මා ජනවාරි 08 වනිදිනෙන් පසුව නිර්පාක්ෂීක ජනාධිපති වරයෙකි. මා ජනතාවගේ ජනාධිපතිය”

“රට තුල මේ වන විට ඇතිව තිබෙන භිෂණය , ඉහවහ ගොස් ඇති දුෂණය මුලුමනින්ම උපුටා දැමීමට මා කටයුතු කරමි ”

“අපේ හාමුදුරුවනේ රට තුල විනය අන්තයටම් පිරිහිලා විනයක් ඇති රටක් මා නිර්මානය කරනවා මට ඒකට අවස්ථාව ලබා දෙන්න”

” පසු ගිය කාලයේ සිදු වු සියලුම පැහැර ගැනීම් , හා රජයේ දේපල අයථා පරිහරනය කිරීම , රාජ්‍ය ධනය සොරා කාපු ඒ සියල්ලම් අපි හෙලිකරනවා වසීම් තාජුදීන් ,එක්නැලිගොඩ, ලසන්ත වික්‍රම තුංගලා වැනි අයව මරා දැමීම , වැලිකඩ අහිංසක රැදවියන් මරා දැමීමට නියෝග ආව තැන අපි සොයා ගන්නවා මේවාට වග කිව යුතු අයව අධිකරණයට ගෙනගොස් නිසි දඩුවම් ලබා දෙන බවට මම රටේ ජනතාවට සහතික වෙනවා
මෙහෙම කිවෙ නම් යහපාලනයේ ජනාධිපති අපේක්ෂක සිරිසේනයි. එත් දෙයියනේ ඇත්ත තමා මිනිස්සු කියනකතා ” සිරිසේනලා දෙන්න මාරුකරා වද්ද? එහෙම් දේ කට උනත් බැරි නැතය.
කොහොම කොයි හැටි උනත් එකක් නම් පැහැදිලිය කියපු කිසිම දෙයක් නොවෙන බවනම් ඉදුරා ම කිව හැකිය බලන් යනකොට මහින්ද ඩුබ්ලිකෙට් සිරිසේන කෙනෙක් ජනතාවට පෙන්නුවේ නිකමට නොවන බව දැන් නම් ජනතාවට පැහැදිලිය.

ඒ සිරිසේනයි මේ සිරිසේනයි දෙන්නම එකම මල්ලේ බඩුය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...