Wednesday, October 18, 2017

රට බලන්න ඇවිත් ලක්‌ෂ 50කට තට්‌ටු කරගත් ඉතාලියේ සුද්දා

රට බලන්න ඇවිත් ලක්‌ෂ 50කට තට්‌ටු කරගත් ඉතාලි ජාතිකයකු වූ ඇලන් ව්‍යාපාරිකයෙකි. හේ දැඩි ලෙස පරිසරයට ආදරය කළ අයෙකු විය. ඇලන් කිහිප විටක්‌ම මෙරටට සංචාරකයකු ලෙස පැමිණියේය. හේ අපේ රටේ ස්‌වභාව සෞන්දර්යට මෙන්ම පරිසරයට දැඩි ලෙස ප්‍රිය කළේය. ඇලන් පාරිසරික සංචාරක ක්‌ෂේත්‍රයට දැඩි ලෙස ඇලුම් කළේය. අපේ රටේ නිස්‌කලංක ප්‍රදේශයකින් ඉඩමක්‌ මිලදීගෙන එහි පාරිසරික සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමට ඇලන්ගේ බලාපොරොක්‌තුව විය..
මේ අතරතුරේ දකුණේ එක්‌තරා වෙරළ තීරයකදී ඇලන්ට සංචාරක මග පෙන්වන්නකු හමුවූයේය. ඔහු ඉතාලි භාෂාව ඉතා චතුර ලෙස කතා කළේය.. ඒ නිසා මෙකී සංචාරක මග පෙන්වන්නා ඇලන්ගේ සිත් ගත්තේය. ටික දිනකින් මොහු ඇලන් සමඟ මිතුරු වූ අතර මේ දෙදෙනා අතර පැවතියේ දැඩි සමීප සම්බන්ධතාවකි. කොළඹ නගරයේ තරු පහේ හෝටලයක රැකියාව කරන බවට සංචාරක මග පෙන්වන්නා විදේශිකයාට කීවේය. ඒ විතරක්‌ නොව ගාල්ල නුවරඑළිය ආදී ප්‍රදේශවල තමන්ට ඉතා වටිනා දේපළ තිබෙන බවට සංචාරක මගපෙන්වන්නා ඇලන්ට ඇඟවූයේය. මොහු ඇලන් ඉදිරියේ පෙනී සිටියේ සල්ලිකාරයකු නොඑසේනම් ධනවතකු වශයෙනි.
මට ඉඩමක්‌ මිලදී ගන්න ඕන. කීයක්‌ ගියත් කමක්‌ නැහැ. ඒ ඉඩමේ විලා එකක්‌ ඉදිකරන්න තමයි මගේ බලාපොරොත්තුව ඇලන් සංචාරක මග පෙන්වන්නාට කීවේය. හරි මම ඔබට උදව් කරන්නම්. අපේ රටෙන් ඉඩමක්‌ මිලදී ගන්න එක එතරම් ප්‍රශ්නයක්‌ නෙවෙයි. හැබැයි මුහුදු අසලින් ඉඩම් මිලදී ගන්න යන්න එපා. වෙරළ තීරයෙන් ඇතුළට වෙන්න ඉඩමක්‌ මිලදී ගතහොත් ඔබේ ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න පුළුවන්. සංචාරක මග පෙන්වන්නා ඇලන්ට කීවේය. ඇලන්ද සංචාරක මගපෙන්වන්නාගේ කීම හිස්‌මුදුනින් පිළිගත්තේය. ඇලන් සංචාරක මග පෙන්වන්නා දැඩිලෙස විශ්වාස කළේය.
ඒ අනුව එක්‌ දිනක්‌ සංචාරක මගපෙන්වන්නා ඇලන් සමඟ වැල්ලකරයේ ඇතුළට වන්නට පිහිටි ගම්මානයක ඉඩමක්‌ බැලීමට ගියේය. පොල් රූප්පාවෙන් වට වී තිබූ එම ඉඩම නිස්‌කලංක පරිසරයක පිහිටා තිබුණි. මෙකී ඉඩමට ඇලන්ගේ සිත ඇදීගොස්‌ තිබුණි. මෙකී ඉඩමේ වටිනාකමට වඩා විසි තිස්‌ ගුණයක වටිනාකමක්‌ සංචාරක මගපෙන්වන්නා විසින් ඇලන්ට කිවේය. ඒ මුදල ලබාදී ඉඩම මිලදී ගැනීමට ඇලන් කැමති විය.
හරි කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ඒ කියන මුදලට මේ ඉඩම මිලදී ගන්න මම කැමතියි. එන වතාවේ ලංකාවට ආවහම මම ඉඩම මිලදී ගන්නම්. ඊට පස්‌සේ අපේ ව්‍යාපාර කටයුත්ත පටන්ගනිමු. ඇලන් සංචාරක මග පෙන්වන්නාට කීවේය. එසේ පවසා ඇලන් යළි ඉතාලිය බලා පිටත් වූයේ යළි මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙනි. නිස්‌කලංක ප්‍රදේශයකින් ඉඩමක්‌ ලැබීම ගැන ඇලන් දැඩි සතුටට පත්ව සිටියේය. මාස දෙක තුනක්‌ ගතවිය. සංචාරක මගපෙන්වන්නා විසින් ඇලන්ට උප්පරවැට්‌ටියක්‌ යෙදීමට සැලසුම් කළේය.
අපි බලමු ඉඩම වෙන කෙනෙක්‌ ගන්න හදනවා. ඔහු අපි කියපු ගණනටත් වඩා වැඩි මුදලක්‌ දීලා ඔහු ඉඩම ගන්න හදන්නේ මේකට ඉතා ඉක්‌මණින් කුමක්‌ හෝ දෙයක්‌ කළ යුතු වෙනවා සංචාරක මගපෙන්වන්නා විසින් ඇලන්ට ඊමෙල් පණිවුඩයක්‌ මගින් දැනුම් දුන්නේය. සංචාරක මගපෙන්වන්නා විසින් එවා තිබූ ඊමේල පණිවුඩය දැකීමෙන් ඇලන් කලබලයට පත්විය. ඔහු සංචාරක මගපෙන්වන්නාට කතා කළේය. අපි මොකක්‌ද මේකට කරන්න ඕන ඇලන් සංචාරක මගපෙන්වන්නාගෙන් ඇසුවේය.
තව ප්‍රමාද වුණොත් අපට ඉඩම නැති වෙනවා. දැනටමත් ඉඩම මිලදී ගන්න ගැනුම්කරුවකු ඇවිත් ඉන්නේ. මට පුළුවන් එක නතර කරන්න. මගේ නමට සේල්ස්‌ ගිවිසුමක්‌ ගහලා ඉඩම මිලදී ගන්න එක නතර කරන්නම්. ඉඩමේ වටිනාකමෙන් භාගයක මුදලක්‌ එවන්න ඇලන් සංචාරක මගපෙන්වන්නාට කීවේය. සංචාරක මගපෙන්වන්නාගේ මේ කතාව ඇලන් දැඩි ලෙස විශ්වාස කළේය. හේ කිසිදු පැකිලීමකින් තොරව ඉඩමේ වටිනාකමෙන් මෙන් භාගයක මුදලක්‌ සංචාරක මගපෙන්වන්නාට එවනු ලැබීය. එම මුදල ඉතා විශාල මුදලක්‌ විය.
ඉඩමේ අයිතිකරුට උඹ එවපු මුදල් ලබා දුන්නා. වෙනත් අයකුට දැන් ඉඩම මිලදී ගන්න බැහැ. ලංකාවට ආවට පස්‌සේ උඹට ඉතිරි මුදල් දීලා ඉඩම මිලදී ගන්න පුළුවන් එසේ කියා සංචාරක මගපෙන්වන්නා විසින් ඇලන්ට ඊමේල් පණිවුඩයක්‌ යවනු ලැබීය. ඒ ඊමේල් පණිවුඩය දැකීමෙන් ඇලන් දැඩි සතුටට පත්වූයේය. ඔහුගේ බලාපොරොත්තු තව තවත් වැඩි වන්නට විය. ඊළඟ වතාවේදී ලංකාවට ගොස්‌ ඉඩමේ ඉතිරි මුදල්ද ලබා දී එහි විලා එකක්‌ ඉදිකොට ව්‍යාපාර කටයුතු කරගෙන යන ආකාරය ගැන ඇලන් ඉතාලියේ සිට සැලසුම් කළේය. කාලය කෙමෙන් ගෙවී යන්නට විය.
italy1ඇලන් යළි මෙරටට පැමිණියේය. ඒ දහසකුත් වූ බලාපොරොත්තු කන්දක්‌ පොදිබැඳගෙනය. ඇලන් මෙරටට පැමිණි විගසම ඔහුට අවශ්‍ය වූයේ සංචාරක මගපෙන්වන්නා හමුවී ඉඩමේ ඉතිරි මුදලද ලබා දී ඉඩම මිලදී ගැනීමටය. ඇලන් සංචාරක මග පෙන්වන්නා හමුවීමට ගියේය. එහෙත් ඔහු සොයා ගැනීමට ඇලන්ට නොහැකි විය. සංචාරක මගපෙන්වන්නා විසින් ඇලන්ට ලබා දී තිබූ දුරකථනයද ක්‍රියාවිරහිත කොට තිබුණි. ඇලන් විසින් දින කිහිපයක්‌ තිස්‌සේ ඔහු සිටින තැන් පිළිබඳ විපරම් කරමින් සංචාරක මගපෙන්වන්නා ගැන සොයා බැලීය. එහෙත් ඔහු සොයා ගැනීමට ඇලන්ට හැකි වූයේ නැත. තමන් සංචාරක මගපෙන්වන්නාගේ උප්පරවැට්‌ටියට හසුවී ඇති බවට ඇලන්ට අවබෝධ වන විට සියල්ල සිදුවී හමාරය. ඇලන් තම බලාපොරොත්තු අත්හැරියේ නැත.
ඉඩමේ අයිතිකරු සොයාගෙන ඔහු හමුවීමට ගියේය. මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මට මේ ඉඩම ගන්න උදව් කරපු සංචාරක මගපෙන්වන්නා සම්බන්ධ කරගන්න බැහැ. ඔහු මට ලබාදීලා තියෙන දුරකථන අංකවලට කතා කළත් ඒවා වැඩ කරන්නේ නැහැ. මම ඔහුට විශාල මුදලක්‌ එව්වා සේලස්‌ ඇග්‍රිමන්ට එකක්‌ ගහලා මේ ඉඩම මිලදී ගන්න කියලා ඇලන් ඉඩමේ අයිතිකරුට කිවේය. මේ කතාව ඇසීමෙන් ඉඩමේ හිමිකරුගේ දෑස්‌ උඩ ගියේය. ඔබ මුදල් එව්වාද මට නම් කිසි මුදලක්‌ දීලා නැහැ. ඔහු ඇලන්ට කීවේය. මේ කතාව ඇසීමෙන් ඇලන් කලබලයට පත් වූයේය.
මුහුදුකරයෙන් ඈතට වන්නට පිහිටි මෙකී ඉඩම එතරම් වටිනා ඉඩමක්‌ නොවේ. සංචාරක මගපෙන්වන්නා විසින් ඇලන් පමණක්‌ නොව මෙකී ඉඩමේ අයිතිකරුද රැවටීමට ලක්‌කොට තිබුණි. ඇලන් සමඟ ඉඩම බැලීමට පැමිණි එක්‌ දිනක සංචාරක මගපෙන්වන්නා විසින් ඉඩමේ අයිතිකරුට මෙවැනි කතාවක්‌ කීවේය. මේ ඉඩමේ වටිනාකමට වඩා විසි තිස්‌ ගුණයක මුදලක්‌ මම අරගෙන දෙන්නම්. හැබැයි මටත් සලකන්න ඕන. සංචාරක මගපෙන්වන්නාගේ මේ කතාවට ඉඩමේ අයිතිකරු ද දැඩි ලෙස සතුටට පත්ව සිටියේය.
මොහු මේ කාලය තුළදී සංචාරක මග පෙන්වන්නා සමඟත් සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟාගෙන තිබුණේය. මේ බිස්‌නස්‌ එක කරලා දෙන්නම් කියලා තව පොඩි වැඩ වගයක්‌ තියෙනවා කියලා මගෙනුත් මේ යකා ලක්‌ෂයක මුදලක්‌ අරගෙන ගියානේ. ඉඩමේ අයිතිකරු ඇලන්ට කීවේය. ඉන්පසු ඉඩමේ අයිතිකරු හා ඇලන් මෙකී ඉඩමේ පත්තිරු බැලූ නීතිඥවරයා හමුවීමට ගියේය. නීතිමය වශයෙන් යම් පිළිසරණක්‌ ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ඔය හාදයා මගෙනුත් රුපියල් දස දහසක්‌ අරගෙන ගියා නේ. මමත් මේ බලාගෙන හිටියේ ඉඩමේ ඔප්පු ලියන්න එනකම් නීතිඥවරයා කීවේය. ඇලන් පමණක්‌ නොව ඉඩමේ අයිතිකරු, මෙන්ම නීතිඥවරයාද රවටා මොහු ඉතා සූක්‍ෂම ලෙස මුදල් ලබාගෙන තිබුණි. සංචාරක මගපෙන්වන්නා විසින් නීතිඥවරයාට ලබා දී තිබූ ඔහුගේ ජාතික හැඳුනුම්පතද පරීක්‍ෂා කළේය. එහෙත් එය ව්‍යාජ එකක්‌ බව පසුව අනාවරණය විය. මේ කතාව අපට කීවේ නීතිඥ තුෂාර ද සිල්වා මහතාය.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ මෑතක. ඉතාලි ජාතිකයා ආපසු ඉතාලියට ගියා. නමුත් ඔහු මෙරටට ඇවිත් නීතිමය ක්‍රියා මාර්ගයකට යන්න බලාපොරොත්තුවක්‌ තියෙන බව කියනවා. සංචාරක මග පෙන්වන්නා විසින් වංචා කළ මුදල ලක්‌ෂ 50 කට වඩා වැඩි බව නීතිඥ තුෂාර ද සිල්වා මහතා කීවේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...