Tuesday, October 31, 2017

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා පැන ගිහින්

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ගාමිණී සෙනරත් මහතා , අධ්‍යක්ෂවරයකු වූ නීල් හපවින්න මහතා සහ පියදාස කුඩා බාලගේ යන තිදෙනාය. පසුගිය කාලයේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රුපියල් කෝටි සිය ගණනක් වටිනා ග්‍රැන්ඩ් හයිට් හොටෙල් ව්‍යාපෘතිය නමින් විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීම හා සම්බන්ධයෙන් සිදු වී ඇති අති විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ සිදු කෙරැණි.

එම පරීක්ෂණ අවසානයේදි මෙම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා‍ පෙරේදා 30 ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශව වෙත කැඳවා තිබුණත් ඔවුන් එදින නොපැමිණි අතර ඊයේ දින නීතීඥයකු මාර්ගයෙන් පැමිණෙන බව දැනුම් දී තිබුණි. ඊයේ දිනද ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි නොසිටි අතර අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙසේ ඔවුන් සිටි ස්ථාන වෙත ගොස් තිබුණි.

මේ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාත් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් වෙත කරණු වාර්තා කර අධිකරණ අවසරයද ලබා ගෙන තිබුණි. මේ වන විටත් මේ තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් කටයුතු කරගෙන යන අතර ඔවුන්ට මෙරටින් පළා යාමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය නිතිමය පියවරද ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි. 

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...