Monday, October 30, 2017

අලුත් ව්‍යවස්ථාවක් එපා කියන හිටපු ජනපති එදා කී දේ හෙලිවෙයි



වර්තමානයේදී නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය මගින්ද නව ව්‍යවස්ථාවක් වසරක් තුල සම්පාදනය කරන බව ප්‍රකාශ කර තිබූ බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.
මහින්ද චින්තන ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා එය සිදුකර තිබූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ.
එමගින් ප්‍රකාශ කර තිබුණේ බලයට පත්ව වසරක් තුල නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවයි.එසේම පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන බවද එම ප්‍රකාශයේ දක්වා තිඛෙනවා. මේ සමස්ථ ලාංකීය ජනතාවම මුලා කරන ලාංකීය දේශපාලනඥයන්ගේ තවත් එක් උදාහරණයක් පමණයි. මේ පක්ෂ පාට භේදයෙන් තොර බුද්ධිමත් ජනතාවගේ අවධානය පිණිසයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...