Wednesday, March 14, 2018

ෆේස්බුක් කොම්පැනියට.....වෛරී අන්තර්ගතයන්....හඳුනා ගන්නට බැරි ඇයි?

2018 මාර්තු මස 14.

ෆේස්බුක් යනු වානිජ සමාජ ජාල අවකාශයකි. නොමිළේ සපයන වේදිකාවක නිර්මානය වන අන්තර්ගතයන් අනුව, දැන්වීම් අලෙවි කිරීමෙන් මෙම සමාගම අධික ලාභයක් උපයයි. එහිදී ඔවුන්ට ලාභය ප්‍ර‍මුඛ ය. වඩා ජනප්‍රිය අන්තර්ගතයන් ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙයි.

එහෙත්, ජනප්‍රිය අන්තර්ගතයන් සියල්ල හැම විට ම සමාජයට හිතකර නැත.

අන්තර්ජාල අක්ෂර හිමි ලොව පුරා සෑම භාෂාවකට ම ෆේස්බුක් විවෘත ය. එහෙත්, ඒ සෑම භාෂාවකින් ම එන, සෑම අන්තර්ගතයක් ම තබා, පැමිණිලි ලැබෙන අන්තර්ගතයන් විමසා බැලීමට හෝ ඔවුන්ට හැකියාවක් නැත.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු හා ව්‍යවසායකයකු වන දුමින්ද ජයසේන විසින් අතිශය වර්ගවාදී පෝස්ටුවක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම දක්වන ලද ප්‍ර‍තිචාරය අධ්‍යයනය කිරීම මෙම තත්වය තේරුම් ගැනීමට උපකාරී වේ.

අතිශය වර්ගවාදී ෆේස්බුක් පෝස්ටුවක්....

පහත දැක්වෙන්නේ එම පෝස්ටුව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විසින් දක්වන ලද ප්‍ර‍තිචාරයයි.
වර්ගවාදී පෝස්ටුවකට ෆේස්බුක් ප්‍ර‍තිචාරය.

කහ පාටින් දක්වා ඇති කොටසෙන් කියැවෙන්නේ මෙම පෝස්ටුව ෆේස්බුක්හි ප්‍ර‍ජා ප්‍ර‍මිතීන්ට අනුකූල නො වන්නක් නො වන බවයි.

මෙවැනි තත්වයක් ඇති වන්නට හේතුව ෆේස්බුක් සමාගම මෙම සිංහල අන්තර්ගතය තේරුම් ගැනීම සඳහා භාවිතා කළ ගූගල් පරිවර්තකය විසින් සපයන ලද පරිවර්තනය විය හැකි ය.

පහත දැක්වෙන්නේ කෞශල්‍ය මාධව විසින් ඉහත වැකිය ගූගල් ට්‍රාන්ස්ලේට් මගින් පරිවර්තනය කර ලබා ගත් ප්‍ර‍තිඵලයයි.

වර්ගවාදී පෝස්ටුවක ගූගල් ට්‍රාන්ස්ලේට් පරිවර්තනය

ෆේස්බුක් සමාගමේ සීමාවන් හඳුනා ගැනීමට මෙය ප්‍ර‍මාණවත් ය. මෙවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට කළ හැකි දේ සීමිත ය. කෙසේ වෙතත්, ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් ද සැලකිය යුතු ආදායමක් ලබන බැවින් හා එය වක්‍ර‍ව ද ඔවුන්ගේ වෙළඳපොළ පෝෂණය කරන බැවින් ඔවුන්ට සිංහල අන්තර්ගතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිංහල හා ඉංග්‍රීසි භාෂා හොඳින් දන්නා යම් කණ්ඩායමක් පත් කිරීමට බැරිකමක් නැත.

රජයට ද මෙහිදී කළ හැකි කාර්යභාරයක් තිබේ. රජයට මෙවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට යම් යාන්ත්‍ර‍ණයක් සකස් කළ හැකි ය. එම යාන්ත්‍ර‍ණය කෙළින් ම ෆේස්බුක් සමාගම සමග සම්බන්ධව කටයුතු කළ හැකි ය. මෙහිදී රජය මෙම කාර්යය කිරීම රජයට විරුද්ධ දේශපාලන අන්තර්ගතයන්ට බාධා කිරීමට හේතු වන්නට ද පුළුවන් බැවින් මෙම යාන්ත්‍ර‍ණය ස්වාධීන එකක් වන්නේ නම් වඩාත් හොඳ ය.

එවැනි ස්වාධීන යාන්ත්‍ර‍ණයක් සකස් කිරීමට මහජන ව්‍යාපාරවලට මුලපිරිය හැකි ය. (ඕවර් ටු යූ කයිය ගහන පොරවල්)

එතෙක්, වෛරී ප්‍ර‍කාශ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නන්ට එම පැමිණිල්ලත් සමග නිසි පරිවර්තනයක් යොමු කළ හැකි ය. කෙටි පරිවර්තන සම්බන්ධයෙන් ඔබට උදව් කිරීමට අපට ද පුළුවන.

W3Lanka


Tuesday, March 13, 2018

‘ප‍්‍රචණ්ඩත්වය වැපිරීමට.....ෆේස්බුක් යොදාගෙන තිබෙනවා....ලංකාවට සහය දෙනවා..’ෆේස්බුක් සමාගමෙන් ප‍්‍රකාශයක්...

2018 මාර්තු මස 13.

වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.

ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය සහ පණිවිඩ යවන මෘදුකාංග තාවකාලිකව මත ශ්‍රී ලංකා රජය පැනවූ තාවකාලික තහනම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් සමාගම ඒ බව ප්‍රකාශ කර තිබේ.

“වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා” යැයි සී.එන්.බී.සී පුවත්සේවයට විද්‍යුත් පණිවිඩයක් යවමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබේ.

Friday, March 9, 2018

සිංහල,දමිල, මුස්ලිම් සහෝදරත්වයෙන් එක්වෙමු කාලකන්නී ජාතිවාදය හෙලාදකිමු...මැයෙන් ඉතාලියෙ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික වැසියන්ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා රජයට සංදේශයක්.....

2018 මාර්තු මස 10.

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ඛේදණීය තත්වය සනිටුහන් කරමින් ජාතීන් අතර සාමය සහ සහජීවණය ඇතිකිරීමේ අරමුනින් සිංහල මුස්ලිම් දමිල අන්තවාදය පිටු දකිමින්ද ඊට එරෙහිව ඉතාලියේ මිලානෝ නගරයේ සාමයෙන් එකට වෙසෙන, සිංහල, මුස්ලිම්, දම්ල,ප්‍රජාව එකට එක්ව ශ්‍රී ලංකාවේ රජයවෙත භාරදෙන ලෙස ඉල්ලමින් අද (9)දින මිලානෝ කොන්සලාත් ජෙනරාල් කාර්‍යාලය වෙත පැමිණ, කොන්සලාත්, ජෙනරාල් , ප්‍රදිපා සේරම් මහත්මිය වෙත සංදේශයක් භාරදෙන ලදී. මෙහී මූලික තේමාව වූයේ "සියලු ජාතිවාදීන් පිටුදකිමු. පෙරදා මෙන් සහෝද්‍රත්වයෙන් එකමුතු වෙමු "" යන්නයී.
මෙම ක්‍රියාව අප රටේ නායකයින්ට සහ සියලුම ලෝකවාසී ජනතාවටම ආදර්ශයක්ම වේවා. මිලානෝ වැසියන් මෙතරම් එකමුතුව සාමයෙන් විසීම ගැන සාමයට ලැදී අපගේ ගෞරවණීය ආචාරය.





ජනාධිපති මෛත්‍රි ගේ ඩබල් ගේම් නිසා රටේ නිතිය හා සාමය බිදවැටිලා...(video)

2018 මාර්තු මස 10.

රටක ජනාධිපති වරයකුට තබා බෝතල් පත්තර කාරයකුටවත් නොගෙල පෙන ආකාරයට තමාගේ ආණ්ඩුව තමා විසින්ම විවේචනය කරමින් රෑට රාජපක්ෂලාගේ ගෙවල් ගානේ ලගිමින් දවල්ට “මම සුදනා” ලෙසට ලෝකෙට පෙන්න රඟන මෛත්‍රි මේවන්විට රටම ගිනිතබා අවසන්ය.
මේ වනවිට කහ සුවුරුකාර රස්තියාදු කාරයන් ජනතාවගේ දේපල විනාශ කරමින් මිනීමරමින් රටම එකම අවුල් ජාලාවක් කරමින් ඇත. පොලිස්පති පවා අන්දුන් කුන්දුන්ව බලාඉන්නේ මේ ජාතිවාදය ගිනිදැල් වලට ඔක්සිජන් ලබාදෙන්නේ මෛත්‍රිපාලම බැවිනි.

මහින්ද ගේ ඔඩොක්කුවේ සිට දැන් නැලවෙන මෛත්‍රි ගේ මුවින් එක් වරක් දෙමළ, මුස්ලිම් ජාතින්ට විරුද්ද ජාතිවාදිව හැසිරෙන් අම්පිටියේ සුමන නම් රස්තියාදුකාර බේබද්දාව බැහැදැකීමටත්, තවත් වරක තවත් ප්‍රසිද්ධ රැස්වීමකට ගොස් සිංහලයාට ජාතිවාදි නොවන ලෙසත්ය් කෑමොර දීම ජන්තාව දැන් හදුනාගෙන අවසන්ය.

“මම ඉන්න තුරු මේ රට බෙදන්න ඉඩ දෙන්නෑ අපෙ හාමුදුරුවනේ…” කියා කෑමොර දෙන්නේ කවුද දෙයියනේ මේ රට අපිට බෙදලා දියන් කිවේ. එහෙම දෙයක් නැතුවත් ජනතාව චුංකරන මෛත්‍රි මහනුවරදී සිදුකලේ ඉතාම තිරිසන් ක්‍රියාවකි.

පොලිස් නිලධාරින්ට වෙඩිතැබීමේ නියොග උගන්වන්නේ පොලිසියට බැදී ටී -56 ගින් අවිය තියාගෙන පුජිත්ගේ පිලිකුල් බාවනාව සිදු කිරීමට නොව. ජනතාවගේ ජිවිත හා දේපල වලට යමෙකු පහර දෙනවානම් ඒ කැරැල්ල මර්ධනයට කැරලි කන්ඩායමට වෙඩි තැබීමට හැක.

මහනුවර සිටින එස්.එම්. වික්‍රමසිංහ නැමති කාලකන්නි ජේ.නි.පො.ප වරයා මෛත්‍රිගේ යටි අරමුණු වෙනුවෙන් පෙනීසිටිමින් විශාල මහජන දේපල විනාශ කරන තුරු කිසිදු නිලධාරියෙකු වෙඩි තැබුවේ නැත. ,අවම බලය හෝ නොයදා බලන් සිටියේ පොලිස් නිලධාරින් පවා පුදුමයට පත් කරමිනි.

මෛත්‍රි ගේ මේ රෑ දැනියල් දවල් මිගෙල් ගැන අවසථා දැනුවත් කිරීම අප විසින් කලෝය.

මෛත්‍රි යනු කුහකත්වයේ සංඛේතයයි කීවොත් එය නිවරදිය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා යනු නිකම්ම නිකන් විශ්‍රාමික කොන්දපනනැති සොල්දාදුවෙක් නොව ඔහු රටක් බේරා ගත් විරෝදාර සෙන්පතියකි. නිතිය හා සාමය ඇමතිකම දිය යුත්තා ඔහු උවත් ඔහු වෙනුවට මෛත්‍රි තෝරා ගත්තේ තවත් මෙලෝදෙයක් නොදත් රංජිත් මැද්දුම බණ්ඩාරය.

රනිල් හා මෛත්‍රි බලයට ගෙනා සියල්ලම එක හෙලාම කිවේ රට තුල ඇතිවී තිබෙන තත්වය මත ෆොන්සේකාට එය භාර දෙන ලෙසය. රනිල්ට මෛත්‍රි පැව්සුවේ ” මහින්දත් ” ගෝඨත් ඊට අකමැති වගේම අපෙත් ගොඩක් අය කැමති නෑ කියාය.

උන්ගේපැලන්තිය වෙනුවෙන් බවත් දැන්වත් නුගත් ශ්‍රි ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය. තවත් නොබෝ දිනකින් මෛත්‍රි ජනාධිපති ගේ මෙවනි දෙපිටකාට්ටු වැඩ නිසා සමසථ ශ්‍රි ලාංකිකයාටම වන්දි ගෙවීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව කල්තියාම අපි අවධාරනය කරමු.

අජිත් තෙන්නකෝන්.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.....

සත්‍ය කතාව ....

Thursday, March 1, 2018

බලය ඉදිරියේ නිරුවත් වෙන දේශපාලකයන්..... ඉන්න රටකට කිසිදා දියුණුවක් නැත.....

2018 මාර්තු මස 02.

මෙලෝ දෙයක් හරියට නොකරන එත් එකම දෙයක් හරියට කරන ලෝකේ එකම රටත් ලංකාවයි. හරියට කරන එකම දේ මොකා බලය ,කුමන නමකින් ගත්තත් ජනතාවගේ සල්ලි පිල්ලි ගැසීමයි.

වසර 70 ක් ගියත් කිසිම දියුණුවක් නොලබා එකම තැන පල වෙන මජර දේශපාලනයක් තිබෙන ලෝකයේ එකම රට ශ්‍රි ලංකාවයි. ආසියාවේ ආශ්චර්ය , ආර්ථිකයේ දියුණුම හිනි පෙත්ත ,යන මේ මොන මඟුල් නමක් දමාගෙන පත්වෙන පාලකයෝ කලේ තමා හා තම පවුල ආසියාවේ හිනි පෙත්තටම උස්සන් යෑමය.

මේ නිසාම ලංකාව නිදහස ලබා ලෝකයේ අනිකුත් රටවලට වඩා ගවුගානක් ඉන්නේ පස්සෙන්ය. නව තාක්ෂණික දේවල් නිපදවීම ඒ රටවල් ආරම්භ කර තිබුනත් මෙලෝ දෙයක් නිපදවීම්ට තියා ඒ ගැන අනාගතේ වත් නිපදවීමට දරුවන්ට ක්‍රමවත් ඉගනීමක් නොදෙන රටක්.

මෙලෝ දෙයක් හරියට නොකරන එත් එකම දෙයක් හරියට කරන ලෝකේ එකම රටත් ලංකාවයි. හරියට කරන එකම දේ මොකා බලය ,කුමන නමකින් ගත්තත් ජනතාවගේ සල්ලි පිල්ලි ගැසීමයි.
යහ–නෑ පාලනය….
මේ වචනයත් ජනතාවට දුඟ ද හමන වැසිකිලියක් බදුය. ඒ වචනයේ වරදින් නොව ඒ වචනය පිටුපස සිටි කාලකන්නි , බල ලෝභි සිරිසේනලාගේ වරදය. සිරිසේන දැන් හොට පැටලුනු කොට්ටෝරුවකු බ්වී හමාරය .

ඇමරිකාවේ,රුසියාවේ, ජර්මනියේ, බ්‍රිතාන්‍ය වැනි ලෝක බලවතුන් සිරිසේන්ගේ මිතුරන්ය ඒ යහපාලනයත් එක්කය එදා සිරිසේනට හොරු සමග ලැගීමේ අවංක උවමනාවක් නොතිබුනාම නොව්වේ එත් සිරිසේන ලෝක ප්‍රජාවට පොරොන්දු උයේ දහ අතේ දිවුරා රට තුල අර්ථික හා සාමාජික නිදහස හා දුෂනය නැතිකිරීම මෙන්ම උතුරට දේශපාලන විසදුමක් දීමය.


එත් පුගිය වසර 3 තුලදී සිරිසෙන ජනාදිපති කලේ තවත් මහින්ද කෙනෙකු වීමට තටමපු එකම පමණි.ඒ විතරක් නෙමේ දුෂණයටත් ඔහු මුල්ගල් තැබුවේ තම දිය නිය හා බෑනනුවන් හරහාය. සිරසට මිලියන 10 පමණ රටට අහිමිකරමින් සංඛියාත විකිණීම ,රුසියාවේ දිරාපු නැවක් මිලට ගෙන තම බෑන වන තිලිණ ට ඒ ඩොලර් මිලියන 30 ක කොමිස් මුදල ලබාගැනීමට මග පැදුවේ සිරිසිනමයි.

දැන් බලයෙන් මෝදු වී ඉන්න සිරිසේන මොකා එක්ක හරි ඉළඟ පාරටත් ජනාධිපති වේමට ඉව අල්ලන බව නම අපිට ඉදුරාම කිව හැකිය.

ලාංකීය දේශපාලනයේ තිබෙන අවාසනාවනම් ජනතාව හොයන්නේඅ අඩුම කාලෙකට හරි සුරන්ඟනා කතා කියලා, මවල දෙන්න පුලුවන් බඩුම තමා අන්න එහෙම හොරු රැලක් හොයලා ගහ මරාගෙන පාර්ලිමේන්තු යැවීම ලාංකීය ජන්තාවගේ එකම විනෝදාංශය බවනම් නොරහසකි.

මේ බව දන්න නිසාම ජනතාව ගොනාට ඇන්දවීම අද දේශපාලකයාගේත් විනෝදාංශයක් වී හමාරය. එත් මේකට තිත තැබීමට නම පේන තෙක් මානයකවත් ජනතාවට උවමනාවක් නැත. මේ නිසා පාලකයෝ කති , බොති ජනතාව උලාකති.

අජිත් තෙන්නකෝන්.

පටු දේශපාලන සහ ජාතිවාදී විරෝධයින්....කෑමට පෙර ජාතිවාදය සෝදමු.....

2018 මාර්තු මස 01.

මොනෝසෝඩියම් ග්ලූටමේට් හෝ කෙටි නාමය විදියට MSG කියන රසායනික නාමයෙන් හඳුන්වන කෘත්‍රිම ආහාර රසකාරකය ලංකාවෙ සාමාන්‍ය කෑම කඩවල භාවිතා වන්නේ අහුරු ගණන්. එහි නිශ්චිත ප්‍රමාණයක්, යෙදිය යුතු හෝ නොයෙදිය යුතු ආකාරය පිළිබඳව නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක්ද නැහැ.

2015 වසර අග භාගයේදී ඉඳන් ලංකාවෙ තේ වගාබිම්වල සහ වතුපිටිවල වැවෙන වල් පැළෑටි විනාශ කිරීම සඳහා ලාභදායීම වල් නාශකය විදියට භාවිතා කළේ මේ කියන මොනෝසෝඩියම් ග්ලූටමේට්. ඒ ගැන මාධ්‍යයේ පළ වුණාම ජනාධිපතිවරයා නියෝග කළේ ආහාරවලට මොනෝසෝඩියම් ග්ලූටමේට් යෙදීම පාලනය කිරීමේ සිට ආනයනය කිරීමද තහනම් කරන්න ඕන කියලා. ඒක මේ රටේ ආහාරවල ප්‍රමිතිය සහ පාරිභෝගික සුරක්ෂිතතාවය වෙනුවෙන් ගත්ත හොඳ පියවරක් වුණත් යහපාලනයේ නොකෙරුණු ගොඩක් තීරණ වගේම ඒකත් නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ.

වල් පැළෑටි මැරෙන විසක් හෝ රසායනියකයක් ඒ රසකාරකයෙ තියෙනව නම් ඒවා අහුරු ගණන් කෑම එක්ක ශරීරයට යද්දි කොහොම ඇතිද කියල තමයි කෘෂිකර්ම දුමින්ද දිසානායක ඒ කාළෙ කිව්වෙ. ඒ අයටත්, ඒවා තොග ගනං කන මහජනතාවටත් අද ඒ ගැන වගක් නෑ.

ආහාර කියන්නෙ මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව වෙනුවෙන් අපේ රටේ අඩියෙන් අඩිය කෙටි ආහාර සහ ෆ්‍රයිඩ් රයිස් කඩ ඕනෑ තරම්. ඒවයේ ආහාර පරිභෝජනය කරන්නෙත්, ඒව පවත්වාගෙන ‍යන්නෙත් අපේ රටේ මධ්‍යම පාන්තික ජන ප්‍රජාව.

මේ ආහාරපාන කඩ ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම තියෙන්නෙ රජයට. බදු මුදල් ගෙවන සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා මහජනතාව නිරෝගී පුරවැසියන් කිරීමත්, ව්‍යාපාරික ආයතන නියාමනය කිරීමත් පැවරිලා තියෙන්නෙ රජයට. ඒක බිඳහෙලිය නොහැකි රාජ්‍ය වගකීමක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගෙ ඉඳල පාරිභෝගික කටයුතු අධිකාරිය රාජ්‍ය බදු මුදල්වලින් පවත්වාගෙන යන්නෙ ඉහත වගකීම රජය සතු නිසා.

ඒත් ලංකාව ඇතුළෙ මේ ආකාරයට මනා ක්‍රමවේදයකට අනුව ආපනශාලා නියාමනයක් වෙනවද කියල සැක සහිතයි. ඉහළ පෙළේ හෝටල්වලට නොයන අති බහුතර මධ්‍යම පාන්තික ජනතාවගේ ආහාර පානවල ගුණාත්මකබව, සෞඛ්‍යසම්පන්න බව පිළිබඳ නිශ්චිත ඇගයීමක් රජයන්ගෙන් නිසියාකාරව ඉටු නොවෙද්දී, අවම වශයෙන් ඒවා පරිභෝජනය කරන මහජනතාව හරි අවධානය යොමු නොකිරීම තමන්ගෙ සෞඛ්‍ය තමන්ම අවදානමේ දමා ගැනීමක්. එක් වරකට වඩා බැදි තෙල් , අහිතකර රසකාරක යෙදූ ආහාර, අධික ලුණු සහ සීනී යෙදූ අහාර, බාල කරන ලද සෝස් වර්ග මේ හෝටල්වල ප්‍රධානම අමුද්‍රව්‍ය බවට පත්වෙලා. ආහාර සුරක්ෂිතතාව වෙනුවට අධික ලාභය ලැබීම පමණක් මූලික වීම ඒකට හේතුව.

ආර්ථිකව පහළ අඩියක ඉන්න අපේ කලාපෙ හැම රටක්ම මේ වගේ ආහාර ඛේදවාචකයකට මූණපාල තියෙනව. නමුත් භූමිය හා දේශගුණය වගේම ජලය යහමින් ඇති අපේ රටේ ආහාර හිඟ වීම හෝ එහි නිසි ගුණාත්මක බවක් නොමැති වීම අපේ කලාපයේ අනෙක් රටවලට තියෙන බාධක එක්ක ගත්තම අවසනාවන්ත තත්වයක්. ඒකට මූලික හේතුව නොදැනුවත් භාවය, ආර්ථික අගතිගාමීත්වය, සම්පත් බෙදී යෑමේ විෂමතාව සහ විද්‍යාත්මක පරිකල්පනය වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන අසත්‍ය පස්සේ දුවයෑම බව පැහැදිලියි.

එතනින් එහාට මැස්සන්, මීයන්, කැරපොත්තනුත් සැරිසරන මුළුතැන්ගෙය පාමුල ඇරුණු අපිරිසිදු වැසිකිළි තියෙන්නෙත් මේ කෑම බීම එක්කමයි. සමහර මුළුතැන්ගෙවල කෘමි උවදුරට රසායනික යොදන්නෙ එහි ආහාර ඇති බවට කිසිදු සැලකිල්ලක් නැතුව. කෘමි නාශක වැදුණු සතුන් ගමන් කරන්නෙත් ආහාර මතින්. පහුගිය දවසක මාධ්‍ය මඟින් පෙන්වපු විදියට කොත්තු රොටියට අවශ්‍ය එළවළු ගන්නෙ මාකට්ටුවෙ පිටිපස්සෙ කුණු ගොඩෙන්. රොටී තැටිය, තාච්චිය තියෙන්නෙ දූවිලි ගලන මහපාර මායිමේ. හැම කෑමක් බීමක් ගැනම තියෙන්නෙ මේ වගේ කප්පරක් ප්‍රශ්න. බෝ නොවන රෝග අටෝරාශියකින් දිනපතා මියයන, රෝගාතුර වෙන ප්‍රමාණය දවසින් දවස අහස උඩට යද්දි මිනිස්සු කරන්නෙ බෙහෙත් අහුරු බොන එක.

මේ වගේ අහිතකර ආහාර වෙනුවෙන් හඬ නගනව වෙනුවට අපේ රටේ මිනිස්සු හොයන්නෙ තමන්ගෙම අනික් සහෝදර ජාතීන්ගෙ ජාතිවාදය හරි පටු අන්තගාමීත්වය ගැන මුසාවාද. එකම කුඹුරෙ බත තම්බි රයිස්, දෙමළ රයිස් වෙලා. ආහාර එක්ක බඩට යන ඇත්ත සතුරාට එරෙහිව සටන් කරනවා වෙනුවට ජාතිවාදී පටු කාළකන්නින් කීපදෙනෙක් වපුරන ජාතිවාදී කොටස්වල එල්ලිලා.
පහුගිය ඉතිහාසය දිහා හැරිල බැලුවම අලුත් අවුරුදු සමය එද්දිම, ජන්දයක් ආරම්භ වෙද්දිම හරි අවසන් වෙද්දිම හරි හැමදාම ආහාරවල වඳ පෙති, වඳ යට ඇඳුම් ප්‍රශ්නය උඩට එනව. මිනිස්සුත් අඩුම ගාණෙ ලෝකෙ එහෙම යමක් තියෙනවද, අපේ රටේ යමක් තියෙනවද, වෛද්‍යවරු සහ පාරිභෝගික කටයුතු පිළිබඳව බලධාරීන් කියන්නේ කුමක්ද යන්න සොයා බලනව වෙනුවට කාගෙ හෝ පටු දේශපාලන, ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මෝඩයාට ඇන්ඳෙනව.

ඒ එක්කම එන සටන් පාඨ තමයි අපි මුස්ලිම් කඩ වර්ජනය කරමු, මුස්ලිම් ජාතීන් එලවා දමමු වගේ දේවල්. නමුත් එහෙම යම් සැක කටයුතු යමක් හමු වුණාය කියල පහුගිය කාලය පුරාම ප්‍රචාර සිදුවුණත් තාම එහෙම දෙයක් ඇහින් දැකපු කෙනෙක් හෝ ඒක විද්‍යානුකූලව හෝ නීත්‍යානුකූලව ඔප්පු කරපු කෙනෙක් නෑ. ලෝකයේ කොහේවත් ආහාරවලට එකතු කරල එවැනි වන්ධ්‍යාකරණයකට ලක්කරන්න පුලුවන් ඖෂධයක් නැති බව වෛද්‍යවරු කිව්වත් කවුරුන් හෝ නිර්නාමිකයන් පිරිසක් වපුරන අසත්‍ය විශ්වාස කරමින් ඒවා පසුපස දුවනව. මේ අසත්‍ය සහ මිත්‍යාව නව තාක්ෂණය ඔස්සේ බෙදා හරින තරුණ පිරිස් අඩුම ගානෙ අන්තර්ජාලයේ එවැන්නක් තියෙනවද කියල හොයන්නවත් කිසිම උත්සාහයක් නොගන්න තරම්.
අම්පාර ප්‍රදේශයේ හෝටලයක කොත්තු රොටිවලට එහෙම වඳ බෙහෙත් දාල තිබුණාය කියන සැකයක් උඩ කලබගෑනියක් සිදුවුණේ පහුගිය දවසක. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලියකට පහර දීලා ජාතිවාදීව හැසිරෙන පිරිස්වල මූලිකම සටන් පාඨ බවට පත්වුණේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම. අනෙක් අන්තයෙන් මේ වගේ මත නිර්මාණය කිරීම ආරම්භ කළේ චීවරය දරාගෙන දේශපාලනය කරපු සමහර කණ්ඩායම්. බෞද්ධ දර්ශනය වෙනුවට ඒ අය ව්‍යාප්ත කළේ තවත් ජාතියක් සමූල ඝාතනය කරන්න, පන්නා දමන්න, හෝ අවුලවාගන්න පුලුවන් අශිෂ්ට වාග් ප්‍රලාප පමණයි. ඒවාට සම්බන්ධ වුණු සමහර චීවර ධාරීන් විවාහපත් උදවිය වගේම නීතිවිරෝධීව ගිහි සහ පැවිදි නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් ළඟ තබාගෙන අත්අඩංගුවට පත්වෙලා ඉන්න උදවිය. එක්කො බීල වාහන එලවපු අය. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික කියල නෑ කොයි පැත්තෙත් ජාතිවාදීන් සහ පටු ආගම්වාදීන් විද්‍යාව වෙනුවට, සහයෝගය වෙනුවට හැමදාම තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් මහජනතාව භේද බින්න කළේ මේ විදියට. පාලකයන්‍ට ඕන වුණෙත් රටේ ඇත්ත ප්‍රශ්න වෙනුවට මේ වගේ දේවල්. අන්තිමට ලේ හලන්නෙත්, බේද බින්න වුණෙත්, මෝඩයාට ඇන්දුනෙත් මහජනතාවමයි.

අම්පාර සිදුවීමත් එක්ක විවිධ තරාතිරම්වල උදවිය තම තමන්ගෙ මත පළකරල තිබුණා. එක්තරා තරුණ වෛද්‍යවරයෙක් අපූරු කරුණු කීපයක් තමන්ගෙ ෆේස්බුක් පිටුවෙ පළ කරල තිබුණා. මේ කියන වන්ධ්‍යාකරන පෙති හමුවුණොත් කරන්න ඕන දේවල් කීපයක් තමයි එහෙම පළ කරල තිබුණේ. 
එවැනි ඖෂධයක් හමු වුණොත් වහාම ඖෂධ සමාගමකට හඳුන්වල දීලා ඒකෙන් ලොකු මුදලක් හම්බ කරන්න පුලුවන් කියලා වගේ හාස්‍යජනක කතා කීපයක්ම ඒකෙ තිබුණා. ඒ වගේම එවැනි කෑමක් හමු වුණොත් දඩාවතේ යන සුනඛයන්ට, පංසලට ගිහින් දමන බළලුන් වගේ සතුන්ට දෙන්න කියල ඔහු සඳහන් කරල තියෙන්නෙ එයින් ඒ සතුන්ට වන්ධ්‍යාකරන ශල්‍යකර්මවල වේදනාවත්, රජයේ වියමුත් අඩු කරන්න පුලුවන් වෙයි කියල. ඇත්තටම ඒ කතාව මේ මිත්‍යාවන් විශ්වාස කරන පිරිස්වලට හාස්‍යජනක පිළිතුරක් වගේම එහි පිටිපස්සෙ තියෙන්නෙ ඇත්තක්. ලියුම්කරු කොළඹ මහ නගර සභාවෙන් ලබාගත්තු තොරතුරු අනුව, 2017 අවුරුද්දෙ ජලභීතිකා නිවාරණයට සුනඛයන් වන්ධ්‍යාකරනය කිරීම ඇතුළු සේවා වෙනුවෙන් මිලියන 15ක් වියදම් කරල. ඉතින් වන්ධ්‍යාකරන බෙහෙත් කොත්තු රොටිවලට දාන්න තියෙනව නම්, එහෙම ඖෂධයකුත් දාල කොත්තුවක් අඩු මිළට දෙන්නත් පුලුවන් නම් මේ රටේ දඩාවතේ යන සුනඛයන්ට යන වියදම් විතරක් නෙමෙයි රටේ සියලුම රෝහල්වල සිදුකෙරෙන පවුල් සෞඛ්‍ය සේවා කටයුතු වියදම් බිලියන ගණනින් ඉතුරු කරගන්න පුලුවන්.

මේ ජාතිවාදී සහ මිත්‍යා කතාවල අනික් පැත්ත බලන්න ඕන. මේ අන්තවාදීන් කියන්නෙ රටේ මුස්ලිම් ජනගහනය වැඩිවෙලා කියලා. නමුත් සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න පුලුවන්කමක් නෑ. ඇත්තටම අපේ රටේ වඳව යෑමේ තර්ජනයට මූණ දීලා ඉන්නෙ දෙමළ ජනතාව. අනෙක් කාරණය තමයි මුස්ලිම් ප්‍රජාවගේ සියල්ල වර්ජනය කරමු කියන කාරණාව. එහෙම වර්ජනය කළොත් හරි ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අපිට සම්බාධක පැනෙව්වොත් හරි වෙන දේ ගැන මේ අයට අවබෝධයක් නැති බව පැහැදිලියි. අපේ රටේ එකම තෙල් පිරිපහදුව 70 දශකයේ හැදුවෙ ඉරාන රජයෙන්. අදටත් අපේ රටේ සියලුම වාහනවලට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් සපුරාලන්නෙ මේ ඉරානියන් ලයිට් කියන බොර තෙල්වලින් පිරිපහදු කරපු ඉන්ධන වලින්. විදේශ විනිමය උපයා දීම අතින් හරිහමන් නිෂ්පාදනයක් අදටත් මේ රටට නැහැ. මහා ප්‍රෞඪ ඉතිහාසයක් ගැන කියමින් විතරක් රට ගැන කතා කරන, බොරු වපුරන අයට වැඩපිළිවෙළක් හෝ දැක්මක් නැති වෙලා තියෙද්දි මෙරටට ඩොලර් උපයා දෙන කර්මාන්ත අතරින් අංක එක ස්ථානයේ ඉන්නෙ විදේශ ශ්‍රමිකයින්. 2015 අවුරුදෙ විතරක් විදේශ ශ්‍රමිකයන් විසින් උපයපු මුදල රුපියල් මිලියන 948,975ක මුදලක්. ඒ කියන්නෙ මේ රටේ සම්පූර්ණ අපනයනය ආදායමෙන් 66.56%ක ප්‍රතිශතයක්. මුදලින් ගණනය කළොත් රුපියල් මිලියන 512,437ක මුදලක්. මුදල් අතින් එහෙම වෙද්දි ඒ මුදල් හොයල දෙන්න වෙහෙසෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් 54%ක්ම සේවය කරන්නෙ මැදපෙරදිග මුස්ලිම් ‍රටවල. මේ වගේ තවත් උදාහරණය කප්පරක් කියන්න පුලුවන්.

පටු දේශපාලන සහ ජාතිවාදී මුස්ලිම් විරෝධයත් එක්ක උඩ තියෙන උදාහරණ දෙකම ඇති ඕනෑම නූගතෙකුට වුණත් මේ කරමින් ඉන්න බරපතළ කාරණය තේරුම් ගන්න. මේ ආණ්ඩු බලය ලබාගත්තෙම සුළු ජාතීන් කියන අපේම ශ්‍රී ලාංකික අනෙකුත් සහෝදර ජනතාවට ඔවුන්ගේ නිදහස සහ සමානත්වය ලබල දෙනව කියන පොරොන්දුව උඩ. සිංහල - බෞද්ධ කියන්නෙත්, මුස්ලිම් හෝ දෙමළ කියන්නෙත් හෝමෝ සේපියන් කියන භෞතික හා ජානමය ලක්ෂණ තියෙන එකම රටක මිනිසුන්ට කියන එක පාලකයො බෙදල වෙන් කරන්නෙ ඔවුන්ගෙ පාලනයන් පහසුවෙන් කරගෙන යන්න. යහපාලනය බලය ලබාගන්න පෙන්නුවෙ පහුගිය පාලන සමයෙ වුණු අලුත්ගම ඛේදවාචකය. ඒත් යහපාලනය ඇතුළෙ. ගිංතොට සිදුවීම වගේම දැන් අම්පාරෙත් සිදුවීමක් වෙලා. සංහිඳියාව වෙනුවෙන් අමාත්‍යංශයක් තිබෙද්දිත්, ජාතිවාදී පදනමෙන් යුතු කාරණා මැඩ පවත්වන්න නව නීති තියෙද්දිත් තවදුරටත් මේ වගේ මිලේච්ඡ සිදුවීම් වෙනව නම්, මේවට නිර්වින්දනය වෙලා අවිද්‍යාවෙන් අපේම සහෝදර ජාතියකට පහර දෙනව නම් තවත් යුද්ධයක් අත ළඟ බව පැහැදිලියි.



කසුන් පුස්සෙවෙල

තඹුත්තේගම....ඊනියා ගොවි උද්ඝෝෂකයේ .... පොලිසිය සමග ගැටෙති.....59ක් කූඩුවේ...(video)

2018 මාර්තු මස 01.

පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක්ඊයේ (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

නීති විරෝධී ලෙස මහජන සාමය කඩවන අයුරින් පාදෙණිය අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධ පමුනුවමින් කලහාකාරී ලෙස හැසිරී තඹුත්තේගම පොලිසියේ දේපල වලට හානි කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළේය.


ඊනියා ගොවි උද්ඝෝෂණය ගැන ඔබ නොදත් කරුණු පහක්.


තඹුත්තේගම රාජාංගනය වැවේ ධාරිතාව අක්කර අඩි 80,000කි.

අක්කර අඩියක් යනු ආසන්න වශයෙන් ජලය ලීටර මිලියන 1.2කි.

මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේම ඉන්නා ජනගහණය ලක්ෂ 9කි. (මිලියන 0.9කි.)

චීන සමාගමෙන් ජල බෝතල් නිෂ්පාදනය සඳහා ලබාගන්නේ අර කී අක්කර අඩි 80,000න්, අක්කර අඩි 10කි. එනම් ජල ලීටර් මිලියන 12කි. සමස්ත ධාරිතාවෙන් සීයෙට 0.125% කි.

චීන සමාගමෙන් හදන එක ලීටරයේ බෝතලයට රුපියල් 10ක් ලංකාවට ලැබුණත්, ඉන් ලංකා ආර්ථිකයට එකතුවන මුදල රුපියල් මිලියන 120කි. සංසන්දනය සඳහා, මත්තල "ජාත්‍යන්තර" ගුවන් තොටුපළේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 72කි; වියදම රුපියල් බිලියන 2.2කි.

අනුරාධපුර ගොවි උද්ඝෝෂණය විසුරුවා හරින ලද්දේ කැරලි මර්දන පොලිසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළුගෑස් භවිතයෙනි. හමුදාව යොදා ජීව උණ්ඩ මගින් වෙඩි තැබීමෙන් නොවේ.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...