Tuesday, February 6, 2018

ගෝඨාභය ඩොලර් මිලියන 7.5ක් කොල්ල කාලා.. නඩු දාන්න හදද්දී රටින් පැන්නා.....

2018 පෙබරවාරි මස 07.

පසුගිය රජය සමයේ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් රණවිරු ගෝඨාභය බිය වී විදේශ ගතව සිටිනවා. ඔහු යළි ලංකාවට පැමිණෙන්නේ මැතිවරණය අවසන් වූ පසුවයි. ලබන 12 දා තමයි ඔහු ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ. මිග් යානා ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක මුදල් කොල්ල කා තිබෙනවා. යුක්රේන රජය දැනුම් දී තිබෙනවා එරට රජයට ලැබුනේ ඩොලර් මිලියන 7.2 ක් පමණක් බව.

නමුත් රණවිරු ගෝඨාභය ව්‍යාජ ගිවිසුම් සකස් කරමින් මිග් යානාවක් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක් ලෙස සටහන් කර මුදල් කොල්ල කා තිබෙනවා. නඩු පවරන්න සුදානම් වන විට විදේශගත වුනා. ඔහු මෙවර ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ වෙන දා ටිකට්පත් ලබාගන්නා ආයතනයෙන් නොවෙයි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය පෙන්වා විසා බලපත් හෝ ගුවන් ටිකට්පත් ලබාගෙන නැහැ. ඇමරිකාවේ ගමන් බලපත්‍රය පෙන්වා තමයි ඔහු ඒවා ලබාගෙන තිබෙන්නේ. දැන් ඇමරිකාවේ ඉදගෙන බලනවා මැතිවරණයට මොකද වෙන්නේ කියලා.

අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝඨභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි

ඔහු මෙසේ කියා සිටියේ ගම්පහ.දී පැවති ජනහමුවකදී අදහස් පල කරමිනි.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් ගණුදෙනු කරමින් තමයි සිටියේ. එම නිසයි අපි ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ.

පසුගිය දා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා උතුරේ මනුෂ්‍ය ඝාතන පිළිබදව ප්‍රකාශයක් කළා. මුස්ලිම් ජනතාවට කළ අකටයුතුකම් ගැනත් ප්‍රකාශයක් කළා. ඒ වගේම පසුගියදා මිග් ගනුදෙනුවට ප්‍රධාන වශයෙන්ම සම්බන්ධව හිටපු රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුන්ගවත් ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට අරන් ඉක්මනින්ම ඔහුවත් ලංකාවට ගේනවා.

ඒ සියල්ල හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදු කළ බවට ඔවුන් දැන් චෝදනා කරනවා. සියලුම කුණු හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිස මතට පතිත වී තිබෙනවා.” මේ රට විනාශ කරපු උන්ට නිසි දඩුවම් දීලා අපි ජනවාරි 8 ජනතාවට දුන්නු පොරොන්දු එකක් නෑර ඉෂ්ඨ කරනවා.

Monday, February 5, 2018

අර්ජුන් ඇලෝසියස්ට දුන් තීන්දුවෙන් මහේන්ද්‍රන්ගේ පැමිණීම කල් යයි....

2018 පෙබරවාරි මස 06.

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවට නොඑන බව මේවනවිට තහවුරු කර ඇතැයි ඔහුගේ නීතිඥයින් පවසති.

ඔහු විසින් එවැනි තීරණයක් ගෙන ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කරන ලද පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා රිමාන්ඩ් භාරයට පත්කිරීම නිසාය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

එහෙත් මැතිවරණයට පෙර ලංකාවට පැමිණියහොත් ඔහුව ද අත්අඩංගුවට ගෙන ආණ්ඩුවේ ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ ඇති බව ඔහුගේ නීතිඥයින් වැඩිදුරටත් පවසති.

ඇප අයැදුම්පත් සලකා බැලීම 07 දා ....

මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නැවතත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය කළාය.

කෙසේවුවද, ඔවුන්ගේ ඇප අයැදුම්පත් සලකා බැලීම ලබන 07 වැනිදා සිදු කිරීමට ද මෙහිදී නියෝග කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (04) පෙරවරුවේ 'සිරස' නාලිකාවේ මාධ්‍යවේදීන් පෙරටුකොට ගෙන පැමිණ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....
අර්ජුන් අත්අඩංගුවට ගත්ත දවසේ CID එක යන්නත් කලින් සිරස අර්ජුන්ගේ ගේට්ටුව ලඟ…(video)


ගෝඨාබය අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී....

2018 පෙබරවාරි මස 05.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අමරිකාවේදි සිදුකළ යුතු නීතිමය කටයුතු සඳහා මේ දිනවල ඔහු ඇමරිකාවට ගොස් සිටී. එමෙන්ම ඔහු සිය අමරිකානු හිතවතුන් සමඟ ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමද සිදු කරමින් තිබේ. මේ සමඟ වන ඡායාරූපවලින් දැක්වෙන්නෙ අභාවප්‍රාප්ත සිය සොයුරු ඩඩ්ලි රාජපක්ෂ ගේ අමරිකානු නිවසේ ගෝඨබය සිය සමීප හිතවතුන් කිහිප දෙනෙකු හා දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී සිටි අවස්ථාවකි.
කෙසේ නමුත් ගෝඨාබයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට ඔහුට එරෙහිව මෙරට දි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන දඬුවම් නියම කිරීමට ඇතැම් පාර්ශ්ව අපේක්ශා කළද ඒ මෙතෙක් සිදුවූයේ නැත.

ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ දැඩි උත්සාහයක් ගත් නමුත් ඉහළ දේශපාලන බලපෑම් හේතුවෙන් ඒ වැලකී ගියේය.

පසුගියදා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් පැවසූවේ එක්සත් ජාතික පක්ෂය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුගේ වුවමනාව මත ගෝඨාව අත් අඩංගුවට ගැනීම සඳහා උත්සාහයක් ඇති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට අමරිකාවට ගොස් සිටින ලෙස උපදෙස් ලබා දුන් බවය. කොහොම නමුත් ගොඨාබය දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අයද, බැසිල් රාජපක්ෂ ද දැඩි විරෝධයකින් පසුවන බවත් ප්‍රකට කරුණකි.

මීට පෙර අවස්ථාවකදී ද ඇවන්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන් , ගොඨාව අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහය ගැන ජනාධිපතිවරයා පොලීසියට දෝෂාරෝපනය කර තිබිණි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුර හැරදා යෑමට සිදුවූයේද ගොඨාට එරෙහිව නඩු පැවරීම ගැන ජනාධිපතිවරයාගෙන් එල්ල වූ චෝදනා පදනම් කරගෙනය.

ජනාධිපතිවරයා හා ගොඨාබය අතර පවතින් මිත්‍රශීත්වය මෙයට බලපා ඇති බව කියැවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේනට එල්ල වී තිබු ජීවිත තර්ජනයන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමට ගොඨාබය රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විදි විධාන ඔහු වෙනුවෙන් යෙදූ බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ගොඨාබය රාජපක්ෂද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව විවේචනය නොකිරීමද කැපී පෙනෙන්නකි.

Sunday, February 4, 2018

හත “තුනේ “… පටලවාගත් සිරිසේන වසර 70 කට පසුව ජනතාව සිනහ සාගරේ ගිල්වයි....(video)

2018 පෙබරවාරි මස 05.

රටක ජනාධිපතිවරයා තම උපන් රටේ අභිමානය මෙලෙස රාජ්‍ය නායකයන් හමුවේහෑල්ලුවට ලක් කල යුගයක් නැති තරන්ය. තමා හිටපු තුට්ටු දෙකේ දේශපාලක්යකු නොව සමස්ථ ජාතියක් වෙනුවෙන්ම පෙනී ඉන්න නායකයකු බව අමතක කරන මෙවන් හැල ගෙම්බන් නැවතත් නම් කිසි දවසක පත් නොකර ගැනීමට ජනතාව සිතා ගත යුතුය.
ශ්‍රි ලංකාවේ මෙතෙක් සිටි රාජ්‍ය නායක නායිකාවන් අනුගමනය කොට තිබු රාජ්‍යත්‍රන්තික බාවය පිලිබදව වත් අඩුම තරමින් සොයා බැලීම සිරිසේන කලයුතුව තිබුණි.

තවත් වරක් ජනාධිපතිගේ නිදහස කතාව ඉතාම ඕනෑ කමින්ම අසා සිටි අයකුට හැගී යන්නේ රටේ 70 වසරක් අතීතය හෝ වෙන යමක් නොව “යන්නේ කොහෙද මල්ලේ පොල් ” කියන කතාවකි. නිදහස් දින රාජ්‍ය නායකයා පැමිණි අමුත්තන්ට කියන්නේ ” අනේ මුන් හොරා කනව තවත් නම් මට බෑ මේක කරන්න ……” කියන ආඩ පාලියකි.

බ්‍රිතාන්‍ය පැමිණි එඩ්වඩ් කුමරු හා එම කුමරියට අපේ රටේ හොරමැර කම් හා දුෂණ ගැන කියා ඇති ඵලය දන්නේ ජනාධිපති මෛත්‍රිම පමණි.

ලංකාව තවත් වසර 70 ගොස් පැවති මේ නිදහස් උත්සවයෙන් පෙනිගියේ තව වසර 100 ක් ගියත් ලංකාවේ ඉන්න අවස්තාවාදි දේශපාලකයන් සිටින තුරුම ලංකාව අඩියක්වත් ඉහලට නම් නෝන බවයි. එම උත්සවයට දී තිබු වැඩ සටහන් මාලා අත්පොතේ වසර 70 මුද්‍රණය කොට ඇත්තේ ඔලුවෙන් හිට සසලාය.
වැඩි කලක් යන්න කලින් සිරිසේන ශ්‍රි ලංකාව ඔළුවෙන් හිටගසසන බවනම් ඉදුරාම කිවහැකිය.

අජිත් තෙන්නකෝන්.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.....

Saturday, February 3, 2018

“මෛත්‍රි ” අඩුම කාලයකින් වැඩිම වේගයකින් කුණු බක්කියට වීසිවු එකම ශ්‍රි ලංකාවිධායක ජනාධිපතිවරයා බවට ඉතිහාසයට එක්වෙයි.....

2018 පෙබරවාරි මස 03.

කොහොම උනත් දැන් හොරු අල්ලලා හිරේ දාන්න තටමන මෛත්‍රි ඊට පෙරදිනම…….හෙට උදේම ඔය 96 දෙනාම මගෙත් එක්ක එකට හිට ගනන කැමතිනම් අපි සේරම අමතක කරමු .එන්න අපේ පැජට් පාරේ ගෙදරට හෙට උදේම…….. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදලා පෙන්නනනම්……


බල්ලන් සමඟ ලගින්නේම මැක්කන් ,කිණිතුල්ලන් සෙම මෛත්‍රිටත් පුරුද්දම හොර දටුවන් සමඟ ලැගලාය.
“කොකාගේ පාට දකිනනම් ඌ ඉඟිලෙන්නම ඕනෑ කීවා සේ දේශපාලකයා නැමති සතා අදුනා ගැනීමට ඡන්දයක් තියෙන්නම ඕනෑය…….” රටක රාජ්‍ය නායකයකුට නොහොබිනා ආකරයට කතාකරපු හා ක්‍රියා කරපු යුගයක් ඉතිහාසය පුරාවටම නැති බවට අමුතු අටුවා ටිකා ඕනි නොවේ.

මෛත්‍රිපාල නැමති 2015 බලයට පැමිණි ජනාධිපති වරයා යහපාලනය ගෙන ඒමටත් ඒ හා සමානවම නිර්පාක්ෂික වීමටත් තමා පොරොන්දුවන බව එදා කිවේ හංදිගාන් රැස්වීම් වලදීය. ඒසමගම ජනතාවට දුන්න පොරොන්දු එකකවත් ඉටු කරනු තබා තමා මුලිකවම පැමිණියේ ජනාධිපති නිලයේ වැජබීමට නොව මේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට මොහුට අමතක විය.

කෙසේ නමුත් මෛත්‍රිට රටට වඩා තමා ග්‍රාමසේවක කාලය තුලදී ලක්වු දේශපාලන පලිගැනීම ගැන නිතර නිතර ආවර්ජනය වීම නිසාම ජනතා අපේක්ෂාවලට පයින් ගසා තමාගේ පාරම්පරික පක්ෂයක් කරගසාගැනීමට මොහු පෙලබුනේ මෛත්‍රිත් නොදනීමදැයි විටක් සිතේ.

මේ වනවිට මෛත්‍රි ඉන්නේ පසුගිය කාලයේ ජනතාමුදල් කෑ පට්ට හොරු රැලක් සමගය. ඒ ඩිලාන් පෙරේයිරා ( විදේශ ශ්‍රමිකයන්ගේ රුපියල් කෝටි 66 ක් වංචා කිරීම )
නිමල් සිරිපාල සිල්වා රුපියල් කෝටි 3 ක වංචා කිරීම , සාරුවා සුනිල් (බාල ලමුන් දුෂණය කරන ලද බවට මෙවනවිට නඩු පවරා ඇත. ) බිරිදට මෛත්‍රි ගේ අනුකම්පාව ලැබී දැන් ඡන්ද සටනට එක්ව ඇත. සුසිල් ප්‍රේම ජයන්ත බාල ඛණිජ තෙල් මෙරටට ගෙන්වා ( රුපියල් කෝටි 20 කට වඩා මුදලක් කොමිස් ගැසීම ) යන මේ නමගිය හොරුනඩයක් සමග රට වටේ යන මෛත්‍රි ජනතාවට බොරු බේගල් දෙසා බායි.

තමා හෙළුවෙන් ඉන්න බවවත් අඩුම තරමින් නොදන්නා මෛත්‍රි රට වටේ යමින් ජනතාවට කියන්නේ තමා තරන් අති පාරිසුද්ධවන්තයකු මිහිපිට නොවන බවයි. මෙහෙම හිතන තමාම සිරස රුපවාහිනියට කිසිදු ටෙන්ඩරයක් නොමතිව සංඛියාත විකුණුවේ අම්මගේ අප්පගේ බුදලයක් සිතාදැයි මහ ජන්තාවට ප්‍රෙහෙලිකාවකි.

කොහොම උනත් දැන් හොරු අල්ලලා හිරේ දාන්න තටමන මෛත්‍රි ඊට පෙරදිනම…….හෙට උදේම ඔය 96 දෙනාම මගෙත් එක්ක එකට හිට ගනන කැමතිනම් අපි සේරම අමතක කරමු .එන්න අපේ පැජට් පාරේ ගෙදරට හෙට උදේම…….. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදලා පෙන්නනනම්……………….. බල්ලන් සමඟ ලගින්නේම මැක්කන් ,කිණිතුල්ලන් සෙම මෛත්‍රිටත් පුරුද්දම හොර දටුවන් සමඟ ලැගලාය.

දැන් මෛත්‍රි නොදන්නවාට මෛත්‍රි අමුම අමු හෙළුවෙන් නෙද මේ රටවටේම තමා ගියේ කියා ඔහුට පෙබරවාරි 10 වනදින අළුයම වෙනවිට නම් අවබෝධවන බව නොවනුමානයි මොකද ජන්තාව පෙබරවාරි 10 වනදිඅන මෛත්‍රිට තේරෙන භාෂාවෙන් උත්තර දීමට සැදීපැහැදී ඉන්න නිසාය..

අජිත් තෙන්නකෝන්


Friday, February 2, 2018

2018 නව නීතියෙන් කාටද ඉතාලියට එන්න පුළුවන් ?

2018 පෙබරවාරි මස 02.

2018 සෘතුමය රැකියා සදහා පැමිණෙන ඔබ දැනගත යුතු කරුණු

මෙම ක්‍රමවේදය මගින් දුරස්ථව සිටිනා සේවකයා බඳවා ගැනීමට කිසිදු ක්‍රියාවලියක් නැහැ....

ඉතාලියේ රැකියා සදහා සෑම වසරකම නිකුත් කරන ඉතාලි රජයේ 2018 සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාව (Decreto flussi) මගින් ඉතාලියට ඇතුල් වීම සදහා අයදුම් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ දින වල විවිධ ප්‍රශ්න මා වෙත යොමු කලා.

මුලින්ම කිවයුතු වන්නේ මා හුදෙක් නීති උපදේශක වරියක් සහ නීතිඥවරියක් බවත් රැකියාවන් සදහා අයදුම් කිරීමට මැදිහත්කරැවකු වශයෙන් පෙනී සිටීම ⁣මාගේ පරමාර්ථය නොවන බවයි.

2018 සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාව (Decreto flussi) රැකියාවන් සදහා අයදුම් කිරීමට ඉතාලියේ සේවායෝජකයකු විසින් මෙම අයදුම්පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සිදු කල යුතු වනවා.
ඉතාලියේ සෘතුමය රැකියා සේවායෝජකයා සමග සෘජු සම්බන්ධයක් රැකියා අපේක්ෂකයා අතර තිබිය යුතුයි. 
 මෙය අයදුම් කිරීමෙන් පසුව සියලුම සුදුසුකම් සොයා බලා ඉතාලියට පැමිනීම සදහා නිශ්කාෂනය (nulla osta) ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමත් සමග එය කොලඹ ඉතාලි එම්බසිය වෙත භාරදීමෙන් පසු සුදුසු කම් සොයා බලා ඉතාලියට ඇතුල් වීමේ වීසා බලපත්‍රය ලබා දෙනවා.


නමුත් මෙම ක්‍රමවේදය තුල පසු ගිය වසර කිහිපය මෙන් මෙම වසරේදීද විදේශිකයන් සහ ලාංකික ශ්‍රමිකයන් (විශේෂයෙන් අතරමැදියන් ගෙන්) වංචාවන්ට ලක්වීමේ ඉඩකඩ ඇති නිසා හොදින් සොයා බලා කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

අයදුම්පත්‍ර සමග ඉදිරිපත් කරන්නාවූ ලියවිලි වල නීත්‍යානුකූල භාවය ඉතා හොදින් ඉතාලි පොලිසිය විසින් සොයා බලනවා.
ඉතාලියේ රැකියා සදහා පසුගිය වසරයන්හී නිකුත් කරනු ලැබූ සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාවන් (Decreto flussi) සම්බන්ධයෙන් ව්‍යාජ රැකියා සම්බන්ධ අපරාධ නඩු විශාල ප්‍රමානයක් මේ වන විටත් ඉතාලියේ විවිධ අධිකරණයන් හී නඩු ගොනු කොට තිබෙන බව දැනුවත් වීම ඉතාමත් වැදගත්. තවද විශේශයෙන් සදහන් කලයුතු කරැනක් වන්නේ ඉතාලියේ කිසිදු නීතියානුකූල ආයතනයක් හෝ සංවිධානයක් මේ සදහා මැදිහත්කරැවන් වශයෙන් කටයුතු නොකරන බවයි.

ප්‍රායෝගිකව මෙම ක්‍රමවේදය ඉතා ගැටලු සහගත එකක්. ඉතාලියට නීත්‍යානුකූලව රැකියාවක් සදහා පැමින, රැකියාවද නොමැතිව, අතරමැදියන් හට මුදල්ද ගෙවා රැදී සිටීමේ වීසා (permesso di soggiorno) අවසරයද නැතිව රැකියාවක් සොයා ගැනීමද හැකියාවක් නැතිව අනවසරයෙන් සිටීමට මෙමගින් පැමිනි බොහෝ දෙනාට සිදුවුණා.

මේ අවුරුද්දෙත් නැවත සිදුවූයේ: අමාත්‍ය මණ්ඩලය විසින් නිකුත් කල රැකියා ආඥාව (Decreto flussi) සම්මත වීමයි.

ඇත්ත වශයෙන්ම, මෙම ක්‍රමවේදය මගින් දුරස්ථව සිටිනා සේවකයා බඳවා ගැනීමට කිසිදු ක්‍රියාවලියක් නැහැ. කිසි විටෙක දැක නැති හෝ නොදන්නා සේවකයෙකු සේවයේ යොදවා ගන්නට හෝ කිලෝමීටර් දහස් ගනනක් ඈතින් ජීවත්වන යමෙකු වෙනුවෙන් කිසිදු රජයේ ⁣මගපෙන්වීමක් නැතිව සේවයට බදවා ගැනීමට ඉල්ලුම් කිරීමද පුදුමයට කාරනයකි. සැබවින්ම, ඉතාලියේ වෙසෙන කිසිවෙකු විසින් විදේශයන්හි කම්කරුවන් රැකියාවට බඳවා ගැනීම සඳහා සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාව (Decreto flussi) භාවිතා නොකරයි.

මෙලෙස අද වන තෙක් ඉතාලි රජය විසින් පනවන ලද රැකියා ආඥාවන්ගෙන් (Decreto flussi) විදේශික ශ්‍රමිකයනටද, ඉතාලියේ ආර්ථිකයටද, අත්වූ සෙතක් නැත.

යූරෝ ලක්ෂ 500.000 වැනි මුදලක ආයෝජන සැලැස්මක් සදහා ආයෝජකයන් සහ වෘත්තිකයන්, "හෝ" කීර්තිමත් කලාකරුවන් මෙම ආඥාවන් (Decreto flussi) මාර්ගයෙන් ඉතාලියට පැමිනීම පිලිබදවද ඇත්තේ ප්‍රශ්ණාර්තයකි.

අනවසරයෙන් ඉතාලියට පැමිනීම නවත්වා ලීමට වසරෙන් වසර රැකියා අවස්තාවන් ලබා දෙනවා යැයි පොරොන්දු වී විදේශ රජයන් (මේ අතර ශ්‍රී ලංකාව) සමග අත්සන් තැබු ගිවිසුම් පිලිපදින බවට කරන මුලාවක් ලෙස මෙම රැකියා ආඥාවන් (Decreto flussi) ඉතාලියේ නීති වේදීන් විසින් හදුන්වනවා.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
0039 388 6279735

තාජුඩීන් මරා දැමු කව්ද මේ තිස්ස විමලසේන ?

2018 පෙබරවාරි මස 02. .

වැල්ලවාය ප්‍රදේශයෙන් මැදමුලන වලව්වට මොහු පැමිණෙන්නේ සාමාන්‍ය කම්කරුවෙකු ලෙසය. ඉන් පසු මහින්ද රාජපක්ෂ ගේ විරාජමාන බලයෙන් ඔහු හමුදා සේවයට බැඳෙන්නේ සාමන්‍ය සෙබලෙකු ලෙසය.

යෝෂිත රාජපක්ෂ මෙන් මොහුද කපිතාන් නිලයට ඔසවා තබන්නේ කිසිදු සහතිකයක් හෝ අධ්‍යාපන සුදුසුකමක් නොමැතිවය.පසුව ශිරන්ති රාජපක්ෂගේ රියදුරෙකු බවට පත් වූ ඔහුට ඇති එකම සුදුසුකම වුයේ රාජපක්ෂ වලව්වට එරෙහි වන උන්ගේ බෙලි කපා , පුච්චා හලුකර මරා දැමීමේ තුච්ච වගකීමයි.

තාජුඩීන් ගේ මරණයේ මුලික වග උත්තරකරුවා බවට මොහු අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන අවසන්ය. මොහු විදේශ ගත කිරීමට දරු සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර , දැනට මොහුගේ සේවය ලබා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනටය. යෝෂිත හා නාමල් රාජපක්ෂගේ ලේ පිපාසිත ගිජු උවමනාවන් වෙනුවෙන් අති දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ තාජුඩීන්ගේ රහසඟ කපා දමන්නේ මොහුය, ඔහුට දෙතිස් වධ පමුණුවන්නේ මොහුය, යෝෂිත ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් වලට අනුව දින දෙකක් පුරා නාරාහේන්පිට ස්ථානයකදී තාජුඩීන් හට දරාගත නොහැකි ලෙස මිලේච්ච වධයන්ට ලක් කල සුවච කීකරු මැදමුලන දඩ බල්ලා මොහුය . අද මොහු සිටින්නේ සිරිසේනගේ තුරුලේය. මේ මජර දේශපාලනයේ සාමාන්‍ය ස්වාභාවය මෙයයි .

සියලු අපරාධ චෝදනාවලින් මහින්ද ඇතුළු පරපුර ගලවාලීමට සිරිසේන ගෙන් ලැබෙන සහය මෙම සිදුවීමත් සමගම තව තවත් ඔප්පු වී ඇත.
ඔහු වරෙක අත්අඩංගුවට පත් වූ අතර , ඉන් පසුව කල සෝදිසි කිරීම් වලදී ඔහුගේ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 10 කට වඩා අඩු මුදලකි. ඉන් පරීක්ෂණ කටයුතු අවසන් නොවූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්දක් ඇති මහත්වරුන් විසින් රාජපක්ෂ පවුලේ බලපෑම නොතකා ඔහුගේ බිරිඳ ගේ නමින් විශාල දේපල ප්‍රමාණයකට හිමිකම් කියන බව සොයා ගත්තේය .

වැල්ලවාය ප්‍රදේශයේ සාමාන්‍ය ගෘහණියක් වන තිස්ස විමලසේනගේ බිරිඳට ලෑන්ඩ් කෲසර් ජීප් 01ක්, ලොරි 07ක් සහ බස් 10ක් හිමිව තිබේ. ඊට අමතරව වැල්ලවායේ අක්කර දෙකක ඉඩමක්, ශ්‍රී ජයවර්ධනපුර රාජගිරියේ පර්චස් 25ක සහ පර්චස් 22ක ඉඩම් දෙකක්, දෙල්ගොඩ මැදලන්ද ප්‍රදේශයේ රූඩ් 02යි පර්චස් 21ක් සහ දෙල්ගොඩ කැන්දලන්ද ප්‍රදේශයේ පර්චස් 15ක ඉඩමක් ඇය සතුව තිබේ.

මේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වාර්ථා වී ඇති දේපළ පමණි. විමර්ශන තවමත් අවසන් නැත. මේ තරම් දේපළ උපයාගත් ආකාරය දන්නේ තිස්ස සහ තිස්සගේ හාම්පුතාලා වන රාජපක්ෂලා පමණය.

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...